නේපාලයේ සිරවී සිටි මාධ්‍යවේදීන් තිදෙනා දිවයිනට

0
330

jayampathinew 

රාජපක්ෂ පාලන සමයේ දේශපාලන රැකවරණ පතා නේපාලයට පලා ගොස් මාධ්‍යවේදීන් තිදෙනා ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපලින් යලි දිවයිනට පැමිණි බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත පැවසිය.

පසුගියදා නේපාලයේ සිදුවූ භුමිකම්පාව හේතුවෙන් එසේ පලාගොස් සිටි ජයම්පති බුලත්සිංහල, කුමුදුනි විජේවර්ධන හා ශාන්ත විජේසුරිය යන මාධ්‍යවේදීන් තිදෙනාගේ ජිවිත බේරී තිබුනේ අනු නමයෙනි.

එම මාධ්‍යවේදීන් තිදෙනා ඉදිරිදින කිහිපය තුලදී යලි දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී සහතික විය.

භුමිකම්පාව හේතුවෙන් නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළත් ඉකුත් රජය කාලයේ දේශපාලන රැකවරණ පතා එරටට ගොස් සිටින මාධ්‍යවේදීන් ගැන අවධානය ලක් කොට නැතැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (28) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

රාජපක්ෂ පාලන සමයේදී ජිවිත ආරක්ෂාව සඳහා නේපාලයට පලාගොස් එහිදී දේශපාලන රැකවරණ ලබාගෙන සිටි ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ ජීවිතය අනතුරට ලක්ව ඇති බවත්, ඔවුන් ගෙන්වා ගැනීමට වහා මැදිහත්වන ලෙසත් ‘වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංවිධානය’ පසුගියදා රජයෙන් ඉල්ලීමක් ද කළේය

කෙසේවුවද, එම මාධ්‍යවේදීන් තිදෙනා යලි මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ අමාත්‍යවරයා මෙන්ම, නේපාලයේ ශ්‍රී ලංකා තානාපති සෙනෙවිරත්න මහතා විශේෂ පරිශ්‍රමයක් දරා ඇත.
www.sinhala.srilankamirror.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here