නේපාල භූමිකම්පාව නිසා වැනසුණු ලෝක උරුම

0
514

ktm temples 1පසුගිය සෙනසුරාදා නේපාලයේ සිදුවූ මැග්නිටියුඩ් 7.8ක් ලෙස වාර්තා වූ භූ කම්පාව දහස් ගණනකගේ ජීවිත උදුරාගත්තා පමණක් නොව ලෝක උරුමයන් ලෙස නම් කෙරුණු පෞරාණික ස්ථාන රැසක්ද විනාශ කිරීමට තරම් දරුණු විය.

පසුගිය සෙනසුරාදා නේපාලයේ සිදුවූ මැග්නිටියුඩ් 7.8ක් ලෙස වාර්තා වූ භූ කම්පාව දහස් ගණනකගේ ජීවිත උදුරාගත්තා පමණක් නොව ලෝක උරුමයන් ලෙස නම් කෙරුණු පෞරාණික ස්ථාන රැසක්ද විනාශ කිරීමට තරම් දරුණු විය.
නේපාලයේ කත්මණ්ඩු නුවර අරා නැඟී සිටි එක් කලෙක නේපාලයේ උසම ගොඩනැඟිල්ල බවට පත්වෙමින් අභිමන් පෑ භිම්සෙන් කුලුන (ඕඩඪථඵඥද ඊධඹඥප) හෙවත් ධාරාහාරා කුලුන (ච්ඩචපචඩචපච ඊධඹඥප) භූමිකම්පාව හේතුවෙන් සහමුලින්ම විනාශයට පත්වූ ලෝක උරුම ස්ථාන අතරින් ප්‍රමුඛතාව ගනී.
නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු නගරයේ සුන්දරා ප්‍රදේශයේ පිහිටි භිම්සෙන් කුලුන ගොඩනංවනු ලැබ ඇත්තේ 1832 වසරේදීය. ඒ භිම්සෙන් තාපා (ඕඩඪථඵඥද ඊඩචනච) නම් මහ ඇමැතිවරයා විසින් තම ඥාති දියණියක වූ ලලිතා ත්‍රිපූර්සුන්දරි (ඹ්චතඪබඩච ඊපඪනධපඵභදඤචපඪ) නම් රැජන වෙනුවෙනි.
නේපාලයේ භිම්සෙන් තාපා ඇමැතිවරයා විසින් ගොඩනංවන ලද මෙවැනි කුලුනු දෙකක් විය. මේ කුලුනු දෙකම හැඳින්වූයේ භිම්සෙන් කුලුනු (ඕඩඪථඵඥද ඊධඹඥප) නමිනි.
ඓතිහාසික ප්‍රෞඪත්වය මේ යැයි කියා පාමින් නේපාල භූතලය මත නැඟී සිටි මෙම කුලුනු දෙකම වරින්වර සුනුවිසුනු කර දැමූ මාරයා බවට භූ කම්පා පත්ව තිබීම විස්මයජනකය.
ත්‍රිපූර්සුන්දරී රැජන වෙනුවෙන් භිම්සෙන් තාපා මහ ඇමැතිවරයා විසින් පළමු කුලුන 1824දී ගොඩනැඟූ අතර එය තට්ටු එකොළහකින් සමන්විත ගොඩනැඟිල්ලක් විය. නේපාලයට වසර අසූවකට පසු මහත් විනාශයක් කළ මෙවර භූ කම්පාවෙන් පාද තලය පමණක් ඉතිරිව විනාශ වූ භිම්සෙන් කුලුන 1934 භූමිකම්පාවෙන් විනාශ වූ පසුව ප්‍රතිසංස්කරණය කරන ලද්දකි.
භිම්සෙන් තාපා මහ ඇමැතිවරයා විසින් කරවන ලද කුලුනු දෙකම 1834 නේපාලය හෙල්ලූ බිහිසුණු භූ කම්පාවට මුහුණ දුන් අතර පළමු භිම්සෙන් කුලුනට බරපතළ හානි සිදු විය. ඊට හරියටම වසර සියයකට පසුව 1934දී නේපාලයේ ඇතිවූ භූමිකම්පාවෙන් පළමු භිම්සෙන් කුලුන සම්පූර්ණයෙන්ම විනාශ විය. දෙවැනි භිම්සෙන් කුලුනේ තට්ටු දෙකක් පමණක් ඉතිරි විය. එවකට නේපාල අගමැතිවරයා වූ ජුද්දා ෂුම්ෂර් විසින් ඉතිරි වූ භිම්සෙන් කුලුන (ධාරාහාරා) භිම්සෙන් කුලුන සදහටම නේපාල ජනතාවගේ දෑස් මානයෙන් ඉවත්ව යද්දී ප්‍රතිසංස්කරණයට භාජන වූ ලලිතා ත්‍රිපූර්සුන්දරී වෙනුවෙන් නම් වූ ධාරාහාරා කුලුනට ‘භිම්සෙන් කුලුන’ (ඕඩඪථඵඥද ඊධඹඥප) යන නම ව්‍යවහාර වන්නට විය.
කත්මණ්ඩුහි සංචාරකයන් ආකර්ෂණය කරගත් නගරයේ කැපී පෙනෙන වැදගත් අංගයක් බවට පත්වෙමින් එතැන් සිට වැජඹුණු භිම්සෙන් කුලුන නගරයේ ආරක්ෂක මධ්‍යස්ථානයක් විය.
තට්ටු නවයකින් යුතු වූ භිම්සෙන් කුලුන අඩි 203ක් (මීටර් 61.88ක්) උස් විය. එහි මුදුනට නැඟීමට වූ පඩිපෙළ සර්පිලාකාර වූ අතර පියගැට 213කින් සමන්විත විය. අටවැනි මහල කවාකාර සඳලුතලයකින් සමන්විත වූ අතර එහි නඟින්නකුට සුන්දර කත්මණ්ඩු නිම්නයේ විශාල පෙදෙසක දර්ශන පථයක් විවර විය. භිම්සෙන් කුලුනේ මුදුනත අඩි 17ක් (මීටර් 5.2ක්) උසැති තඹ කොතකින් ආවරණය විය. ඉහළම මාලයේ ශිව දෙවිඳුන්ගේ ලෝහමය ප්‍රතිමාවක්ද තැන්පත් කර තිබිණි.
සතුරු ප්‍රහාර කල් තබා දැනගැනීමට හැකිවූයෙන් ආරක්ෂක මධ්‍යස්ථානයක් වූ භිම්සෙන් කුලුනේ ඉහළ සිට හොරණෑ හැඬවුණු අතර එය සතුරු ප්‍රහාරයෙන් ආරක්ෂා වීම සඳහා නගරවාසීන් වෙත පණිවුඩ ලබාදෙන ආකාරය බවට පත්ව තිබිණි.
මෙසේ නගරයට ආඩම්බරයක් වූ හා එහි අනන්‍ය අංගයක් බවට පත්වූ භිම්සෙන් කුලුනු 2005 වසරේ සිට ඉකුත් 25 වැනි සෙනසුරාදා නේපාලය අපිකේන්ද්‍ර කරගනිමින් සිදුවූ රුදුරු භූමිකම්පා ව්‍යසනයට ගොදුරු වන තෙක්ම මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තැබිණි.
කත්මණ්ඩු කරා ඇදී එන විදෙස් සංචාරකයන් මෙන්ම දුර බැහැර සිට කත්මණ්ඩු කරා පැමිණෙන නේපාල වැසියෝද භිම්සෙන් කුලුනේ ඉහළ මාලයට නැඟ සුන්දර කත්මණ්ඩු නිම්නය දැකබලා ගැනීමට ප්‍රිය කළහ.
කත්මණ්ඩු මහ නගර සභාවේ සංස්කෘතික උරුම දෙපාර්තමේන්තුව යටතේ ධාරාහාරා හෙවත් භිම්සෙන් කුලුනේ පරිපාලන කටයුතු පැවැතිණි. එහි ඇතුළුවන විදේශිකයකුගෙන් ඇමෙරිකානු ඩොලර් හතරක්ද, සාර්ක් රටවල වැසියන්ගෙන් ඩොලර් එකක්ද, ස්වදේශිකයන්ගෙන් නේපාල රුපියල් 50ක්ද අය කළ අතර වයස 65ට වැඩි වැඩිහිටියන්ට හා අවුරුදු 5ට අඩු බාලවයස්කරුවන්ට ඇතුළුවීම නොමිලයේ විය.
එහෙත් මූගල් හා යුරෝපියානු වාස්තු විද්‍යා ලක්ෂණවල සංකලනයක් වූ මේ අපූරු පෞරාණික ගොඩනැඟිල්ලට තවත් නම් පවතින්නට ඉඩ නොදෙන්නෙමැයි මිහිමාතාව තීරණය කළා වැන්න. පසුගිය 25 සෙනසුරාදා සිදුවූ භූමිකම්පාව අවසානයේ ධාරාහාරා කුලුන හෙවත් භිම්සෙන් කුලුන පොළොවට පහත්ව තිබිණි. අඩි 203ක් උස තට්ටු නවයක් වූ කුලුනෙන් පොළොවෙන් උඩට මතුව ඉතිරිව තිබුණෙ පාදතලය සමඟ අඩි 33ක කොටසක් පමණි. ගොඩනැඟිල්ලේ කඩා වැටුණු සුන්බුන් අතර සිරවී දෙසිය දෙනකුගේ පමණ දිවි තොරවන්නට ඇතැයි සැලකේ.
මෙම භිම්සෙන් කුලුන ගොඩනැඟූ භිම්සෙන් තාපා එය ගොඩනඟන කල නේපාලයේ මුක්තියාර් (ර්භඬඩබඪරචප) හෙවත් මහ ඇමැති තනතුර හෙබවූ තැනැත්තායි. 1775 අගෝස්තු මාසයේ නේපාලයේ ගොර්කා දිස්ත්‍රික්කයේ උපත ලද භිම්සෙන් තාපාගේ සීයා රාජ සභිකයකු වූ බිර් භද්‍රා තාපා විය. පසුකලෙක භිම්සෙන්ට රජු වූ රානා බහදුර් ෂාගේ ආරක්ෂකයා හා පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබිණි. රානා බහදුර් ෂා රජුට ඉතාම භක්තිමත් සේවකයකු වූ ඔහු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස රජුව 1800 වසරේදී පිටුවහල් කරද්දී රජු සමඟ එහි ගියේය. ඉන්පසුව ඔහු නැවත බලයට ඒමට රජුට උදවු කළේය. 1804දී නැවත බලය අල්ලාගත් පසු රජු භිම්සෙන් තාපාව ඇමැතිවරයකුට සමාන තත්ත්වයක් වන කාජි (ම්චඨඪ) නිලයෙන් පිදීය. 1806දී රානා බහදුර් රජුව රජුගේ ඥාති සොහොයුරකු විසින් ඝාතනය කරන ලදී. භිම්සෙන් රජුට එදිරිව සිටි මිනිසුන් 93 දෙනකු ඝාතනය කර රටේ මහ ඇමැති හෙවත් මුක්තියාර් තනතුර අත්පත් කරගත්තේය.
මේ වන විට ගුර්කා අධිරාජ්‍ය වර්ධනය වෙමින් තිබූ අතර නේපාලයට එහි භූමියෙන් තුනෙන් පංගුවක් අහිමි විය. කිරුළ හිමි ගිර්වාන් බයික්‍රම් ෂා රජු අකාලයේ මිය ගිය අතර ඊට පසු කිරුළ උරුම වන රාජේන්ද්‍ර බයික්‍රම් ෂා වෙනුවෙන් රාජ්‍ය භාරකාරත්වය දැරුවේ ලලිතා තිපූර්සුන්දරී රැජනයි. ඥාති දියණියක මඟින් ඇයට ඒ සඳහා අවශ්‍ය පසුබිම සැකැසුවේ මහ ඇමැති භිම්සෙන් තාපාය.
ලලිතා ත්‍රිපූර්සුන්දරි රැජන 1806 සිට 1832 දක්වා නේපාලය පාලනය කළාය. භිම්සෙන් තාපා වසර 31ක් මහ ඇමැතිධුරය දරමින් නේපාලය රැක්කේය. 1832 අප්‍රේල් 06දා ලලිතා ත්‍රිපූර්සුන්දරි රැජන කොළරා වසංගත කාලයේ කොළරාව සෑදී මිය ගියාය. රැජනගේ මරණයෙන් පසුව කිරුළ හිමි රජුගේ අපරිණතභාවය නිසා භිම්සෙන් තාපාගේ බලපරාක්‍රමය බිඳ වැටිණි. සතුරු උපක්‍රම වැඩි වන්නට වූ අතර සතුරු රාජසභිකයන් අතර ඝට්ටන හා කුමන්ත්‍රණ මැද දමෝදර් පාණ්ඩේගේ ඝාතනය සම්බන්ධයෙන් භිම්සෙන් තාපාට වරද පැටවිණි. සිරමැදිරියේ සිටි භිම්සෙන් තාපාට සිය බිරිය නිරුවතින් ඇවිද්දවා වද දුන් බවට පණිවුඩයක් ලැබුණු බවත් ඒ පිළිබඳ ඉමහත් කම්පාවට පත්වූ ඔහු සිරගේ තුළම සිය දිවි නසාගත් බවත් කියැවේ. කෙසේ වුවත් ඇත්ත වශයෙන්ම භිම්සෙන් තාපාගේ බිරිය එවැනි අභාග්‍යසම්පන්න ඉරණමකට ගොදුරු නොවූ බවද පසුව හෙළි වී තිබේ.
භූමිකම්පාවෙන් ඓතිහාසික ධාරාහාරා කුලුන හෙවත් භිම්සෙන් කුලුන පමණක් නොව නේපාලයේ ලෝක උරුම ස්ථාන ලෙස යුනෙස්කෝ සංවිධානය නම් කළ ස්ථාන කිහිපයක් මෙන්ම පෞරාණික ස්ථාන රැසක්ම විනාශයට පත් විය.
නේපාලයේ ඓතිහාසික පුරවරයන් පිළිබඳ සාක්කි මේ යැයි කියා පෑ ඩර්බාර් චතුරස්‍ර (ච්භපඡචප ඉඳභචපඥ) තුනටම භූමි කම්පාවෙන් බරපතළ හානි සිදු විය. කත්මණ්ඩු ඩර්බාර් චතුරස්‍රය, පතන් ඩර්බාර් චතුරස්‍රය හා භක්තපුර් ඩර්බාර් චතුරස්‍රය කත්මණ්ඩු නිම්නයේ පිහිටි මෙකී ඩර්බාර් චතුරස්‍ර තුනයි.
මෙම ඩර්බාර් චතුරස්‍ර තුනම යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන ලෙස නම් කොට තිබිණි.
ඩර්බාර් චතුරස්‍ර ලෙස හැඳින්වෙන්නේ පැරැණි රජ වාසල් සහ ඒ අවට ප්‍රදේශයයි. නේපාලය කලින් කුඩා රාජධානි ලෙස පැවැති අතර එම රාජ්‍යයන් පාලනය කළ නේපාල මුල් වැසියන් වන නෙවාර්වරුන්ගේ රාජධානි මෙසේ හැඳින්වේ. මෙම ප්‍රදේශ පුරාණ මන්දිර, පිළිම, විවෘත ශාලා, වතුර මල් ආදී අංගයන්ගෙන් සමන්විත විය.
නේපාල භූමිකම්පාවෙන් නේපාලයේ පිහිටි ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන රැසකටද තදබල හානි සිදු විය.
පතන් ඩර්බර් චතුරස්‍රය තුන් වන සියවසට අයත් වන්නක් වන අතර එහි තිබූ වෙහෙර විහාරද බොහොමයක් විනාශයට පත් විය. මුල් කාලයේදී ගොඩනැඟිලි සංකීර්ණ 99කින් සුසැදි භක්තපුර් ඩර්බර් චතුරස්‍රය 1934දී නේපාලයේ ඇති වූ බිහිසුණු භූමිකම්පාවෙන් පසුව ගොඩනැඟිලි සංකීර්ණ හයකට සීමා වී තිබිණි. නේපාල වාර්තාවන්ට අනුව එහි තිබූ විහාරාරාමවලින් 80%ක් පමණ භූමිකම්පාවෙන් හා පසුව ඇති වූ කම්පනවලින් විනාශයට පත් විය. එසේ විනාශ වූ ආගමික ස්ථාන අතර දශ අවතාර විහාරය, ක්‍රිෂ්ණ මන්දිරය හා ශිව, පාර්වතී මන්දිරය පිටුපස පිහිටි දේවාල දෙකක්ද වෙයි.
භූමිකම්පාවෙන් විනාශ වූ බෞද්ධ සිද්ධස්ථාන අතර ලොව ප්‍රචලිත බෞද්ධනාත් බෞද්ධ විහාරයද වෙයි. කත්මණ්ඩු නුවර මධ්‍යයේ සිට කිලෝමීටර් 11ක් පමණ දුරින් පිහිටි බෞද්ධනාත් විහාරය නේපාලයේ පිහිටි විශාලතම ගෝලාකාර චෛත්‍යය වේ. එය ටිබෙට් දේශයෙන් පිටත පිහිටි ටිබෙට් බෞද්ධ විහාරයක් වන අතර එම චෛත්‍යයේ ඇඳ ඇති බුදුන් වහන්සේගේ නේත්‍රා හේතුවෙන් මහත් වූ ප්‍රසිද්ධියක් උසුලයි. බෞද්ධනාත් චෛත්‍ය භූමි කම්පාවෙන් විනාශව ගොස් එහි කොත් කැරැල්ලට හානි සිදු වී ඇති ආකාරය හිත් කම්පා
කරවන සුලුය.
එසේම බෞද්ධනාත් විහාරයට පමණක් දෙවැනි වූ ස්වයංභුනාත් බෞද්ධ විහාරයටද භූමි කම්පාවෙන් බලවත් හානි සිදු වී ඇත. අවට වසන වඳුරන් හේතුවෙන් මෙය ර්ධදඬඥර ඊඥථනතඥ නමින්ද හැඳින්වේ.
කත්මණ්ඩු නගරය හරහා ගලා යන බගමති ගංගාව දෙපස ඉදි වී ඇති සුප්‍රසිද්ධ පශුපතිනාත් හින්දු දෙවොලටද භූමි කම්පාවෙන් හානි සිදු වී ඇති බව කියැවේ. නමුත් පශුපතිනාත් දෙවොලට සිදු වූ හානියේ ප්‍රමාණය කෙතෙක්දැයි කිසිදු ලැයිස්තුවකත් හෙළිදරවු කොට නැත.
නේපාලයේ ඇති පෞරාණික ස්ථාන හා ශුද්ධවූ ආගමික ස්ථානවලට සිදු වූ හානිය දෙස බලන කල ඒවා තිබූ පරිද්දෙන් නැවත ගොඩනැඟීමට මහත් කාලයක් වෙහෙසක් හා මුදලක් වැය කළ යුතු බව පෙනේ.
එහෙත් එම වටිනා ස්ථාන නැවත ගොඩනැංවීමට ආධාර කරන බවට එක්සත් ජාතීන්ගේ සංස්කෘතික අරමුදල වන යුනෙස්කෝව මේ වන විටත් පොරොන්දු වී තිබේ.


www.lankaaththa.com