නොවැම්බරය සහ කෂෝගි

0
103

මාසයක් පුරා ලෝකවාසීන්ගේ හදවත් කම්පාවට පත්කරවූ , සිය උපන්බිමට යහපත් පාලනයක් ගෙනඒම වෙනුවෙන් සිය මාධ්‍ය වෘත්තිය මෙහෙයවීමේ ප්‍රතිපළයක් ලෙස  මව්බිමෙන් පිටුවහල්ව ජීවත් වූ ජමාල් කෂෝගි වෙනුවෙන් මාධ්‍ය නිදහසට ගරුකරන ඒවෙනුවෙන් සටන් කරන සියලුම මනුෂ්‍යයන් කම්පා වන බව නොරහසකි.
නොවැම්බරය ඇරඹෙන්නේ ලොව හැර ගිය මළවුන් අතරට   තවත් ඝාතනය කළ මාධ්‍ය සගයෙකු එක්කරමින් වුවත් මරාදැමූ පසු දේහය අතුරුදහන්කළ ජමාල්ගේ ඝාතනය වටා  ලෝක දේශපාලනය තුළ මේ  වන විට රගනා රංගනය පිළිබදව ද ජුගුප්සාජනක දර්ශනයක් ද මවාපායි..
හද කම්පා කළ මාධ්‍යවේදීන් ඝාතන සංස්කෘතියක් ලංකාව තුළද පැවතුණ අතර ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටුකරවීමේ ප්‍රාර්ථනාවට තව බොහෝ කාලයක් බලාහිදීමට සිදුවනු ඇත. එමෙන්ම ජමාල් කෂෝගි මෙන්ම ලංකාවේ ඒකාධිපති වියරුවට එරෙහිව හඩනැගූ මාධ්‍යවේදීන් තවමත් පිටුවහල්වූ මාධ්‍යවේදීන් ලෙස මව්බිමෙන් දුරස්ව ජීවත් වන බවද අමතක නොකළ යුතුය.
පිටුවහල් කළ මාධ්‍යවේදීයෙකු වන ජමාල් කෂෝගි දේශපාලන රැකවරණ මැද  ජීවත්වූ අතර ඔක්තෝම්බර් 02 වනදා  සිය අවශ්‍යතාවයකට තුර්කි කොන්සොල් කාර්යාලයට ගොස් සිටියදී ඔහුට මෙම අවසනාවන්ත සිදුවීමට මුහුණපෑමට සිදුවිය. කොන්සෝල් කාර්යාලය තුළදී  ඝාතනය වූ යැයි සැකකෙරෙන ජමාල්ගේ දේහයද අද වනතුරුත් අතුරුදහන්ව පවතී.
නොවැම්බර් 02 වනදාට මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනය කර මාසයක්  සපිරුණි.
ඔහු සිහිකරමින් අවමංගල්‍ය යාඥා මෙහෙයක් ඊයේ (නොවැ.02) ඇමරිකාවේ වොෂින්ටන් නගරයේදී පැවැත්වුණි.
ඉස්ලාම් ධර්මයට අනුව ” සලාත් අල්-ගයිබ්”   –  ” නොමැති පුද්ගලයෙක් වෙනුවෙන් ” වන යාඥාවක් ලෙස මෙය හදුන්වනු ලැබීය.ed426e855e3449f5933b0f4b9c6a5502_18

තුර්කි රජයේ බලධාරීන් පවසන්නේ  කුමන්තණකාරී ලෙස කෂෝගිව මරා දැමූ පසු ඔහුගේ දේහය අතුරුදහන්කර දමා ඇති බවයි. මෙය සෘජුවම සෞදි රජය මැදිහත්වීමෙන් සිදුකළ කුමන්ත්‍රණයක් බවත්  මෙයට ඔවුන් පිළිතුරු ලබාදිය යුතු මෙන්ම මිනීමරුවන් සෙවිමට පරීක්ෂණ ආරම්භ කළ යුතු බව තුර්කි ජනාධිපතිවරයා සෞදි පාලකයින්ගෙන් තරයේ ඉල්ලා සිටින ලදී.
ජමාල් කෂෝගි ගේ පෙම්වතිය විසින් හඩපටයක නිකුත් කරමින් ,  සෞදි රජයෙන් ඇය ඉල්ලා ඇත්තේ ඔහුගේ දේහය තිඛෙන පිළිබද තොරතුරු නිකුත්කළහොත් ඉස්ලාම් ධර්මයට අනුව ඔහු වෙනුවෙන් අවසන් චාරිත්‍ර  කළ හැකි බවයි.
ඇය පවසන්නේ ඝාතනය සිදුවී මාසයක් ගතවුවත් ජමාල්ගේ දේහය තවමත් ඔහුගේ ආදරණීයන් වෙත නොලැබීම නිසා ඔහු වෙනුවෙන් අවමංගල්‍ය  කටයුතු  නියමාකාරව සිදුකරනු නොහැකි බවයි.
ජමාල් සිහිකිරීමේ අවස්ථාවට මානව හිමිකම් ක්‍රියාධරයන් දේශපාලන කණ්ඩායම් මෙන්ම   මේ වනවිට සෞදි රජය විසින් රදවාගෙන සිටින  ප්‍රතිසංස්කරණවාදියෙකු වූ   සලමන් අල් අවාද්හි ගේ පියාණන්ද සහභාගී වූහ.
ජමාල් වෙනුවෙන් පෙනී සිටින බුද්ධිමතුන් හා ක්‍රියාකාරීන් මේ වනවිට මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇමරිකානු මැදිහත්වීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළකරති. ඔවුන් පවසන්නේ මෙම ලිහිල් ප්‍රතිපත්තිය හේතුවෙන්
සෞදි පාලකයින්ට ඔවුන් සිදුකරන ඔ්නෑම මානව නීති කඩකිරීම් පිළබදව වගවීමක්  ගැන ඔවුන්ට හැගීමක් ඇති නොවනු බවයි.
මාධ්‍යවේදීන්ට ඔ්නෑම අඩන්තේට්ටමක් සිදුකළත් ඇමරිකාව නිහඩව සිටිනවා යන පණිවිඩය මේ මගින් කලාපයේ ඒකාධිපතියන් විසින් ලබාදෙන  බව ජමාල් වෙනුවෙන් හඩනගන ක්‍රියාකාරීන්ගේ අදහසයි.


තොරතුරු හා ඡායාරූප උපුටාගැනීම/www.aljazeera.com