නොසැලකිමලිමත් රියදුරෙක් නිසා වන්දනා ගමන රෝහලෙන් නවති.

0
121

මීරිගම සිට කතරගම වන්දනාවෙ යෑමට ඊයේ මැදියම් රැයේ පාරට බට සැදැහැවතුන් පිරිසක්ගේ ගමන කෙළවර වුයේ මීගමුව රෝහලෙනි.ඒ එක් අයෙකුගේ කොන්ද කැඩිමෙන් හා තවත් වයසක අයෙක්ගේ  අතක්ද කැඩි යාමෙනි.
වන්දනා නඩය රැගත් රථය මීරිගම සිට මිගමුව දෙසට පැමිණිමෙන් සිටියදි පෙරියමුල්ලේ සිට හරස් මාර්යකින් වේගයෙන් පැමිණි තවත් වැන් රථයක් නොසලකිලිමත් කමින් ප්‍රධාන මාර්ගය හරහා යෑමට ගත් උත්සාහය හේතුවෙන් මෙම දරුණු අනතුරුව සිදුව තිබුණි.
හරස් මගේ පැමිණි වාහනයේ සිට ඇත්තේ කිසියම් සංගිත කණ්ඩායමට අයත් පිරිසක් බව  පවසන ප්‍රදේශවාසින් ඔවුන් බිමතින් සිටි බවද පැවසීය.
මෙම අනතුරු නිසා වන්දනා නඩය පැමිණි වාහනය බරපතල ලෙස තැලි පොඩිවි ගොස් එහි ටයර් පවා ගැලවි ගොස්  තිබුණි.
නොසැලකිලිමත් කමකින් රියපැදුවු වාහනයේ සිටි 8 තරුණ පිරිස සහ රියදුරාව මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වන්දනා නඩයේ දෙදෙනෙකු පමණක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබුණි. අන් සැම දෙනා සුළු සිරුම් තුවාල ලබා තිබුණි.
ජයාරූප – එම් .ඉසෙඩ් සාහජාන්acce2