(5.15 pm ) කොරෝනා තර්ජනය හේතුවෙන් රට තුළ දිගින් දිගටම ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන්, තම ගම්බිම් කරා ආපසු යාමට නොහැකි වූ කටුනායක නිදහස් වෙළඳ කලාප කර්මාන්ත ශාලාවේ මෑන්පවර් සේවකයින් සහ යාබද ප්‍රදේශවල විවිධ ව්‍යාපාර කරමින් සිටින අයවෙත වියළි සහනාධාර බෙදාදිමේ ඉතාමත් වැදගත් කටයුත්තකට මිගමුව පොලිස් අධිකාරි සමන් සිගේරා මහතා මුල පුරා තිබුන අතර සංකේතාත්මක ලෙසින් මේ කම්කරුවන් හට වියළි ආහාර බෙදාදිමේ වැඩපිළිවෙලට බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පැමිණිම බෙහෙවින්ම විශේෂ බව මෙහිලා සටහන් කළ යුතුමය.
මේ කටයුත්ත සදහා මිගමුව පොලිස් කොට්ටාශයට අයත් පොලිස් වසම් 11 ක ප්‍රධානින්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
සැබැවින්ම මේ කම්කරුවන්ගෙන් බහුතරයකට පසුගිය කාලය තුල පඩි නොලැබිම හේතුවෙන් කුසට නිසි අහරක් සපයා ගැනිමට නොහැකි අර්බුද රැසකට මුහුණ පා සිටි බව අපද අවස්ථා කිපයකදිම වාර්ථා කළෙමු.මැන් ෆවර් සේවයකන්ට පඩි ලැබුනේ වැඩකළහොත් පමණි. පවතින තත්වය තුල මේ නිසාම ඔවුන් දැඩි අසිරුතාවකට ලක්ව සිටියහ.
මේ ඇතැම් තරුණ මව්වරුන්ට සිය අස්ල්වාසින්ගෙන් යමක් ඉල්ලා ගෙන උයා පිහා ගන්නට සිදුව තිබුන අවස්ථා ගැනද වාර්ථා විය. එපමණක් නොව කාගෙන් හෝ ඉල්ලා ගෙන කන්නටවත් අවස්ථාවක් නොලැබුන තැන කුසගින්නේ සිටි තරුණයන් ගැනද ඇතැම් ග්‍රාම නිළධාරින්ට අත්දැකිම් තිබුනි.
මිගමුව පොලිස් අධිකාරි තුමන්ගේ මුලිකත්වයෙන් මේ සිදුකරන්නට යෙදුන වියලි ආහාර බෙදාදිම සැබැවින්ම විශේෂ වන්නේ මේ කම්කරුවන් පසුගිය කාලය මුහුණ දුන් බේදවාචකය ගැන සැබැවින් සත්‍යයක්ව පැවැති නිසාය.
පඩි නැති නිසා ගමේ යන්න බැරිවුණ ,මෑන් ෆවර් සේවකයන්ට පොලිසීයෙන් වියළි සහනධාර …..
ඡායා- එම්.ඉසෙඩ් .සහජාන්