පණපිටින්ම රෝගියෙකු මෝචරියට යවන්න හදපු හැටි ගැන පවුලේ අය කියන ඇත්ත කතාව.(විඩියෝ)

0
171
රෝගියාගේ බිරිඳ

මිගමු රෝහලේ මෝචරියේදි රෝගියෙකුට නැවත පණ ආ බව කියවෙන පුවතක් ජාතික මාධ්‍ය කිපයක් විසින් පළකර තිබුණි.එය පැහැදිලි අසත්‍යයක් බව ආදල රෝගියාගේ පවුලේ අය ප්‍රකාශ කර සිටිති.කෙසේ වෙතත් මෑත ඉතිහාසය තුල මිගමුව රෝහලෙන් වාර්තා බරපතලම සිදුවිම ඊයේ.අලුයම වාර්තා විය..
ඒ දියවැඩියාව රෝගියෙකුගේ සිනි මට්ටම පහල යෑම හේතුවෙන් මිගමුව රෝහලේ මුලික ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර තිබියදි කඩිනම් ප්‍රතිකාර ලැබි නොතිබුන අතර පසුව වෛද්‍යවරයා පැමින නිගමනය කර තිබුනේ ඔහු මිය ගිය අයෙකු යැයි කියාය.
නොසැලකිල්ලක තරම වන්නේ ආදාල වෛද්‍යවරයා මිය ගියේ යැයි කියු රෝගියා දැන් රෝහලේ 4වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිමය.
මේ සම්පුර්ණ කතාව මේ රෝගියාගේ බිරිඳ විසින් මාධ්‍ය හමුවේ මෙසේ කියා සිටියාය.