පත්තරේ දැන්වීම් පලකර හොරකම් කරන කල්ලියක් !

0
251

theif 4

එක්තරා පත්තරයක දැන්වීම් තීරුවෙහි දැන්වීමක් පලකරමින් වංචාවෙන් මුදල් හම්බකිරීමේ ජාවාරමක් ගැන රෝහල් කාර්‍යමණ්ඩලයේ මහත්මියක් අපට පැවසීය . මෙය ඇය මුහුණ දුන් අත්දැකීමකි. කටුනායක ගුවන්තොටුපළේ ස්ථිර රැකියාවකට බඳවා ගන්නා බව පවසා එන අයගේ තොරතුරු අසා රු. 1000/ ක මුදලක් රැගෙන නැවත දැනුම් දෙන බවට ප්‍රකාශ කරමින් හොර ජාවාරමක් කරගෙන යන මෙම කල්ලිය හෙලිදරව් කළයුතු බව ඇය පවසයි .new paper add
මොවුන් මෙම ජාවාරම කලක සිට ක්‍රියාත්මක කරන බව පැහැදිළි බව ඇය පවසයි . එම පත්තර පිටුව තුළින් වුවද එකී හොර ජාවාරම ගැන පැහැදිළිය. එබැවින් අප ජනතාවට ප්‍රකාශ කරන්නේ මෙවැනි හොර කල්ලි පිළිබඳව අවධාණයෙන් සිට ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට , අදාල ආරක්ෂක අංශවලට සහාය වන ලෙසයි .
මෙය සිදුව ඇත්තේ වසරකට පමණ පෙරය. නැවත ලංකාදීප පුවත් පතේ දැන්වීමක් පලකර ඇත . දැන් ස්ථානය ලෙස දක්වා සිටින්නේ නිට්ටඹුවයි. මෙවැනි අඩු සුදුසුකම් සඳහා රු. 45000/ වේතනයක් ලැබීමත් , ඒසඳහා ඉල්ලුම් කරන අය ගෙන්වා රු. 1000/ මුදලක් අයකිරීමත් ඉක්මනින්ම සොයා බලා පියවරක් ගන්නා ලෙස අදාල බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටිමු.