spot_img
spot_img
spot_img
Saturday, January 25, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
Home Editor's Choice පනින්න පෙර වසන්තගෙන් සජිත්ට ප්‍රශ්ණ වැලක් ?

පනින්න පෙර වසන්තගෙන් සජිත්ට ප්‍රශ්ණ වැලක් ?

0
140
Wasantha-Senanayake_850x460_acf_croppedඑක්සත් ජාතික පක්ෂයේ රඹුක්කන ආසන සංවිධායක ධුරයෙන් සහ සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයෙන් ඉවත්විමට තමන් තිරණයක් ගෙන අතැයි  විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ලිපියක් යවමින් පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට දැනුම් දුන් බව අද ප්‍රකාශ කළේය.ඒ කොළඹ, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ පිහිටි සිය කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය. .
සජිත් ප්‍රේමදාස මහතාට අවලාද නැගූ, ඔහුට දෝෂාරෝපණය කළ, සජිත් ප්‍රේමදාස මහතාගේ මාපියන්ට චෝදනා කළ, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළහොත් පක්ෂයෙන් ඉවත් වන බවට තර්ජනය කළ සියලු දෙනා මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ පෙරමුණ ගෙන ඇති බවත්  කියා සිටින වසන්ත සේනානායක තවදුරටත් අවධාරණය කර සිටියේ  සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට හඬ නැගූ සහ අරගල කළ පිරිස් අද කොන්කර ඇති බවය.සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වූ පසු අගමැති රනිල් ද ?
රවීට කැබිනට් අමාත්‍ය ධුරයක් දෙනවාද
රිෂාඩ් ටත් ඇමතිධුර ලැබෙනවාද ?
රවුෆ් හකීම් මහතා ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ වැදගත් භූමිකාවක් ඉටු කරන්නේ ද සහ ඉන් පසුත් ඔහු රැඳී සිටින්නේ ද?
ප්‍රශ්ණ රාශියකට  සජිත් ප්‍රේමදාස මහතා පිළිතුරු දිය යුතු යැයි ද වසන්ත සේනානායක මහතා කීවේය.
එපමණක් නොව දූෂිතයන්, හොරුන්, මහ බැංකු කොල්ලකරුවන්, අකාර්යක්ෂම වයෝවෘද්ධ පිරිස් නැවතත් අමාත්‍ය ධුරවල පත්කරන්නේද යනුවෙන් ඔහු ප්‍රශ්ණ කොට තිබේ.
තමන් විසින් මතුරකරන්නට යෙදුන  ප්‍රශ්නවලට සජිත් ප්‍රේමදාස මහතා සතුටුදායක පිළිතුරක් ලබා දෙන්නේ නම් පමණක්  ආසන සංවිධායක ධුරයෙන් ඉවත්වන බවට දන්වමින් යැවූ ලිපිය ඉල්ලා අස් කරගන්නා බවත් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට පූර්ණ සහයෝගය දෙන බවත් සේනානායක මහතා වැඩිදුරටත් කීවේය.
මුලාශ්‍රය – ලංකාදීප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here