පමාවි අවදි වුන කිතුණු නායකත්වය

0
150

කතෝලික පල්ලියේ නිල පුවත්පත වු  ඥානාර්ථ ප්‍රදිපය 2012 .දෙසැම්බර් 16 වනදා සිය කතු වැකියට තෝරාගෙන ඇත්තේ අසරණභාවයට පත්ව සිටින ජනතාවක් පිළිබදවය.

මේ ජනතාව මීට මාසයකට පමණ පෙර කිතණු නායකත්වය හමුවිමට අගරදගුරු මාළිගාවට ගිය අවස්ථාවේ මුහුණ පෑමට සිදුව තිබුනේ ඔවුන් කිසිවිටකත් නොසිතු අකරතැබ්බයකටය.

කාර්දිනල් තුමන් හමුවි සිරගෙවල්  සිටින සිය අදරැතියන් නත්තලට පෙර නිදහස් කරගැනිමට හයියක් ඉල්ලා ගැනිම ඒ ගමනේ අරමුණ වි තිබුණි.

එහෙත් මාළිගාෙව් සිටි සහය රදගුරු එම්මානුවෙල් තුමන්ගේ මේ ජනතාව වෙත ප්‍රතිචාර දක්වා තිබුනේ මොනම තත්වයක් යටතේ වත් මෙවන් නිති  විරෝධි වැඩවල  යෙදුන අයගේ ප්‍රශ්න බිෂොප් මාළිඟාවට රැගෙන නොඑන ලෙසය.

මේ නිසා ඕස්ට්‍රේලියානු සිහිනය වෙනුවේන් මාස 6 කටත් වැඩි කාලයක් සිරදඩුවම් විදින සිය ඥාතින් බේරාගැනිමට මෙහෙයුමක නිරතව සිටි මේ ඥාතින්ගේ එකම බලාපොරොත්තව වි තිබුනේ ජනාධිපතිට තම ජනයාගේ දුක කියා ඇප ලබාැනිමට කාර්දිනල් තුමන් පියවර ගනිවි යැයි කියාය.

මේ සියළු බලාපොරොත්තු සුන්ව ගිය තැන කතෝලික පල්ලිය සිය පුවත්පතේ කතු වැකියක් ලියමින් සිරගෙදර වෙසෙන ජනයාගේ  ප්‍රශ්ණයේ සාධාරණත්වය මැන බල ා ඇත. එපමණක් නොව අන් අයටද මේ මැදිහත්වන ලෙසටද ඉල්ලා ඇත.