පමුණුගම පොලිසියේ නිළධාරියෙකු කතෝලික පියතුමෙකු ඉදිරියේ කාන්තාවකට පහර දෙයි !

0
134

FB_IMG_1565760859338

ඇය මධූ ඈන් රණවීර. මාධ්‍යවේදිනියක් හා පාරම්පරික වෛද්‍යවරියක් ලෙස කටයුතු කළ එක්දරු මවක්. . ‘ඥානාර්ථ ප‍්‍රදීපය’ පුවත්පතේ මාධ්‍යවේදිනියක් හා ‘ඥානාර්ථ ප‍්‍රදීපය ලේඛක සංසදයේ’ ක්‍රියාරියාකාරී සාමාජිකාවක්. එමෙන්ම
සමාජ ක‍්‍රියාකාරිනියක් ලෙස බොහෝ සමාජ සටන් වලට සහාය වුණු, සහභාගී වුණු කාන්තාවක්.
ආචාර්ය ගරු සික්ස්ටස් කුරුකුලසූරිය පියතුමා අධ්‍යක්ෂධූරය දරණ පාරම්පරික වෛද්‍ය සංගමයක් මගින් සංවිධානය කළ වෛද්‍ය සායනයකට පසු ඇයව පොලීසියට රැගෙන ගොස් පුටුවකින් සහ පයින් පහර දෙමින් අපහාස වන අයුරින් පරුෂ වචනයෙන් බැන තියෙනවා.

දැනට රාගම රෝහලේ ප්‍රතිකාර ලබන ඈන් මහත්මියගෙන් අප කළ විමසුමකදි කියා සිටියේ . පමුණුගම පොලිසියේ එස්. අයි පෙර්රා යන අය විසින් පොලිසියේ කාමරයක් තුලදිම ගරු සෙක්ස්ටස් පියතුමා ඉදිරියේදිම ඉතා තිරිසන් අයුරින් පුටුවකින් පහර දි පයින්ද ගසා ඇති බවය.
මෙයට අමතරව ඇයගේ නිවසට පැමිණ ඇය රාත්‍රි ඇදුමින් සිටියේද බැන වැදි අපහස කොට විඩියෝ කිරිමට තරම් සාහික වි ඇති පමුණුගම පොලිසියේ නිළධාරින් ඇයව මංකොල්ලකරුවකු මෙන් ජිප් රථයට ඇදගෙන ගිය බවද ඇය කියා සිටියාය.

මේ අතර මේ පිළිබදව මුුුහුණ පොත හරහා ප්‍රතිචාර දක්වමින් සමාජ හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂක නීතිඥ අශෝක ස්ටෙෆාන් පියතුමා මතුකරන්නේ මෙ පහරදිම සම්බන්ධයෙන් ඈන් විසින් අශෝක පියතුමාවද දැනවුවත් කර ඇති බවච් එස්.අයි. පෙරේරා නැමැත්තෙක් ස්ථානාධිපතිගේ කාමරයෙදි මෙසේ පහර දි ඇති බවත්ය. එමෙන්ම ගරු පියතුමන් විසින් තවත් වැදගත් කරුණක් මතුකර සිටි. එනම් මේ ගැන සෙක්ස්ටස් පියතුමාට සාක්ෂිය දිය හැකිද යනුවෙනි. එසේ නම් මේ පිළිබදව මේ පිළිබදව පැමිණිල්ලක් ගොනු කළ හැකි බවද කියා සිටි.

මේ අතර මේ නින්දිත ප්‍රහාරය මුලින්ම සමාජ මාධ්‍ය තුලින් අනාවරණය කරමින් කරුණ දැක්වු මාධ්‍යවේදි තිලිණ අලහකෝන් මේ පිළිබදව තවත් සටහනක් තබා තිබේ.
ඒ පමුණුගම පොලිසිය විසින් මේ ප්‍රශ්ණ සමාජ මාධ්‍යවල අවධාණය තවදුරටත් දිනා ගැනිමට ඇති ඉඩකඩ අහුරාලිම අරමුණු කොට කරනු ලබන නින්දිත බලපෑම හෙළිදරව් කරමිනි.