පරණ කුණු ඉවත් කළද අළුත් කුණු එකතු වන බව සෙල්ලකන්ද පාරේ වැසියෝ පවසති..

0
257

IMG-20201217-WA0026සෙල්ලකන්ද පාරේ මීගමුව – කටාන සීමාවේ දුඟද හමමින් තිබුණු කුණුගොඩ පසුගියදා ඉවත් කරතිබින. මේ පිළිබඳව අපි පසුගිය 15 දා ලිපියකින් පැහැදිළි කරන ලදී. “බිම වෙනස් වුවත් ගඳ වෙනස් නොවන කුණු කතාවක් ” යන තේමාව ලෙස සඳහන් කළ එම ලිපියේ අප සඳහන් කළේ කුණු ඉවත් කිරීම සඳහා ස්ථිර වැඩ පිළිවෙලක් සකසන ලෙසය. මේ ගැන අවට ප්‍රදේශ වාසීන්ද කරුණු පැහැදිළි කරමින් ප්‍රකාශ කළේ මෙය කාලයක් තිස්සේ නොවිසඳෙන ප්‍රශ්ණයක් ලෙස පවතින බවයි. මෙම බිම අයිති වන්නේ මීගමුව බස් ඩිපෝවට බැවින්, එහි නිලධාරීන්ටද පැමිණිළි කළ බව ඔවුන් අප සමඟ පැවසීය.
ප්‍රදේශවාසීන් පවසන ආකාරයට රෑ තිස්සේ සහ එලිවන තෙක් මෙම ස්ථානයේ කුණු දැමීම සිදුවන බවත්, මාළු කටු, මස් කටු බිඳුනු වීදුරු භාජන ආදිය මීට අයත් වන බැවින් , පරිසරයට සිදුවන හානිය බරපතල බවත් ඔවුන් පවසයි.
කටාන සහ මීගමුව ආසන දෙකේම කුණු එකතුවන බව මෙහි නිවැසියෙකු වන අජිත් මහතා පවසයි. ඒ නිසා ඒවා ගෙනැවිත් දමන අය අල්ලාගෙන ඔවුන්ට දඬුවමක් ලබාදීම සඳහා මහජන සෞඛ්‍ය නිලධාරීන් සහ නගරසභාවට විශේෂයෙන් වගකීමක් ඇතිබවත් ඔහු තවදුරටත් පැවසීය.