පරණ හලාවත පාරේ රිය අනතුරක්

0
101
wp 1653148885917
wp 1653148927793
wp 1653149036460
wp 1653149001224
wp 1653148964148

…..

අද සවස 2.30 ට පමණ කොළඹ සිට හලාවත දක්වා ගමන් කළ බඩු රැගෙන යන දුම්රියේ ගැටුනු වෑන් රථයක් අනතුරට පත්වී ඇත.සිව් දෙනෙකු වාහනයේ සිටි අතර ඉන් තිදෙනෙකු තුවාල ලබා ⁣අනතුරට මේ වනවිට මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.


මොවුන් කටාන ප්‍රදේශයේ පිරිසක් බව රෝහල් පොලීසිය සඳහන් කරයි. අනතුර සිදුවූ වහාම අනතුරට පත්වූ අය බේරාගැනීම සඳහා අවට ප්‍රදේශවාසීන් මැදිහත් වී ඇත .
මෙම ස්ථානය අවධානම් ස්ථානයක් බව මෙහි ඇති පාර හරස් කිරීමට යොදා ඇති අනාරක්ෂිත රේල් ගේට්ටුව ගැන බැලූවිට මෙය පැහැදිළිවේ. දෙපැත්තෙන්ම ගමන් කිරීමට හැකි ඉඩ කඩක් මෙම ස්ථානයේ තිබීමද එයට එක් හේතුවකි.


කෙසේ නමුත් මෙවැනි අනතුරු දායක තත්ත්වයක් නිර්මාණය වීමට ර⁣ටේ පවතින සමාජ ආර්ථික අර්බුදකාරී තත්ත්වය ප්‍රධාන හේතුවක්වී ඇත. බහුතරයක් වූ ජනතාව හෙට දිනය පිළිබඳව බියකින් අවිශ්වාසයකින් පසුවනවා සේම සෑම පුද්ගල ජීවිතයක්ම ආතතියකට ලක්වී ඇත . එබැවින් මෙවැනි අනතුරු වලට එයද එක් හේතු සාධකයක් බව කිවහැක .

සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here