පරිසරය මෙන්ම පරිසරයට ආදරය කරන්නෝද රැක ගනිමු ….

0
416

 

පරිසරය ගැන කරන කතාබහක දී ,පරිසරය විනාශ කරන්නෝ සහ පරිසරය රකින්නෝ යනුවෙන් සමාජය තුළ දෙපිරිසක් පිළිබඳව වර්ග කිරීමක් කළ හැක. මේ පිළිබඳ මීගමුව නගරයේ ප්‍රධාන වගකිවයුත්තා වන්නේ මීගමුව මහ නගර සභාවය.

නමුත් ඒ තුළ සිටින නගරාධිපතිගේ සිට සමහර නාගරික මන්ත්‍රී වරු ගැන කව්රුත් හඳුනා ගෙන ඇත්තේ ඉහතකී වර්ග දෙකෙන් පළමු ගනයට අයත් කාණ්ඩයටය.

එපමණක් නොව වෙනත් ආයතනවලත්, පාර්ලිමේන්තුව තුළ පවා බහුතරයක් පිරිස අයත් වන්නේ එම කාණ්ඩයටමය. ඒ නිසාම අද රටතුළ බරපතළ පාරිසරික ගැටළු රැසක් මතුවී ඇත. මීගමුව නගරයේ අගනාම වස්තුව වන මීගමු කලපුවද එකී පාරිසරික විනාශය අභිමුව සිටින කලපුවකි. එයද ඉහතකී අමනෝඥ දේශපාලකයින් ඇතුළු නිලධාරීන් සහ බලධාරීන්ගේ ක්‍රියාකාරීත්වයන්හි ප්‍රතිඵලයන්ය.

නමුත් ඊට වෙනස්ව පරිසරයට ආදරය කරන සැබෑ මානව ගති ලක්ෂණ ඇති මිනිස්සුද , ආයතනද මේ අතර සිටිති.
ඔක්සිජන් කන්නද ? කියා ප්‍රශ්ණ කරන දේශපාලකයින් සිටින රටක මෙවැනි මානව හිතවාදීන්ද සිටින හෙයින් ඔවුන් හඳුනා ගත යුතු අතර ඔවුන් අගය කිරීමද වැදගත්ය.

සංගීත් පෙරේරා යනු එවැනි පුද්ගල චරිතයකි. ඔහු කිසිදු වරප්‍රසාදයකින් තොරව පරිසරය රැකගැනීම වෙනුවෙන් අරගල කරති…….

සංගීත් සමග නාමල් ප්‍රනාන්දු ද අද ජනතාවට පරිසරය පිළිබඳවත් එහි වටිනාකම පිළිබඳවත් අවබෝධය ලබාදීමට කටයුතු කරන්නේ එදා පරිසරයට ආදරය කළ සියැටල් වැනි නායකයින් සිහිපත් කරවමිනි. ඔවුන් රටේ සම්පත්ය. එබැවින් අප ඔවුන්ව රැක බලා ගතයුතුය .

ඔවුන්ගේ පැහැදිළි කිරීම් අනුව අද වනවිට අප සියළු දෙනාටම මුහුණ දීමට ඇති ප්‍රතිඵලය භයානක එකකි. තව වසර කිහිපයකදී මීගමු කලපුව මල කලපුවක තත්ත්වයට පත් වන බවට අනාවැකි පළවී ඇත .

කලපු දූපත් වල හෝටල් ඉදිකිරීමට කැසකවන මෝඩ තකතීරු බලලෝභී පාලකයින් , ආත්මාර්ථකාමීව කටයුතු කරන සමහර පූජකයින්, කූඨ ව්‍යාපාරකයින් තවමත් ඔවුන්ගේ අරමුණු අතහැර නැත. කලපුවේ පස් හාරමින් ඒවා ප්‍රසිද්ධියේ විකුණන ඔවුන් එසේ සිදුකරන්නේ කලපුව පිරිසිදු කිරීමට යැයි තර්ක කරමින් තවමත් ජනතාව ගොනාට අන්දවති. එසේම පරිසරය රැකගැනීම සඳහා ජනතාව සමග සටනට ඉදිරිපත්වූ කතෝලික පූජකයින් මුදලට ඇති කෑදර කම නිසා සටන පාවාදුන් ආකාරය අපි අත්දැක්කෙමු .
ඒනිසා අද මේ සඳහා සමාජය ඉල්ලා සිටින්නේ සියළු ප්‍රගතිශීලීන් එකතු කරගත් සාමුහික අරගලයකි.
සැම්සන් ඥානසිරි