පරිසරය රැක ගැනීමට වෙරෝනා ප්‍රා. සභාවට ගිය සුසන්ත ගිං ඔයට කුණු දමයි..

0
104

1235252_366269403530321_386425441495676319_nවෙන්නප්පුව  ප්‍රාෙද්ශීය සභාවේ සභාපතිවරයා කුණු කසල කළමණාකරණය වෙනුවෙන් ව්‍යාපෘතියක් සඳහා ඉතාලියේ වෙරෝනා නගරයට ගොස් ඇත. එතුමාගේ ෆේස් බුක් අඩවියේ මේ සම්බන්ධයෙන් පළකර ඇත්තේ ‘ පරිසර ක්ෂේත්‍රෙය් දිගුකලක් පැවතියේ ගැටළු නොවිසුදුනු තත්ත්වයක් ‘‘ යන ශීර්ෂ පාඨය යටතේය.
මෙහිදී   කසල කළමණාකාරණයට අදාළව ලැබීමට නියමිත  ආධාර පිළිබඳව ද සඳහන් කොට තිබේ. කරුණුු එසේ සිදුවද්දී  ඊයේ වෙන්නප්පුව ප්‍රෙද්ශයෙන් වාර්තා වන්නේ  මෙම සංකල්පයට ඉදුරාම පටහැනි ලෙස වෙන්නප්පුව ප්‍රා. සභාව විසින් ක්‍රියාකර ඇති ආකාරයේ සිදුවීමකි.
එනම් වෙන්නප්පුව ප්‍රා. සභාව විසින්ම කුණු කසල දැමීම තහනම් කර ඇති ගිං ඔය රක්ෂිතය දෙපසට ප්‍රා.සභාවේම කුණු ට්‍රැක්ටරයෙන් ගොස් කුණු කසල දැමීමයි. මේ සම්බන්ධව ඇහින්දුටු සාක්ෂියක් සහිත වීඩියෝ පටයක් ද ෆේස්බුක් හරහා පළවී තිබේ. https://www.facebook.com/video.php?v=791270807582321
දැන් මෙම සිදුවීමෙන් පෙනීයන්නේ සුසන්ත පෙරේරා ඇත්තටම පරිසරයට ආදරේ ද යන්නයි. එසේ නම් ඔහු මෙවැනි දේ සිදුවීමට ඉඩදෙන්නේ කෙසේ ද?
මේ සිදුවීමෙන් පසු වෙන්නප්පුව පොලීසිය කිසිදු පරීක්ෂනයක් කළාදැයි අප නොදනිමු. නමුත් නීතියට අනුව නම් ප්‍රා.සභාව විසින් සිදුකළ මෙම නිතිවිරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් පියවරක් ගතයුතුව තිබේ. මන්ද එම ස්ථානයට කවුරුන් විසින් හෝ  කුණු දැමුවහොත් පොලීසියට හෝ ප්‍රා.සභාවට එම පුද්ගලයා හා වාහනය ගැන දැනුම් දෙන ලෙස එහි පුවරුවක සඳහන් කර තිබේ.
ලුණුවිල පොල් පර්යේෂණාගාරයට යන මාර්ගයේ ගිංඔය අසල කුණු දැමීම කාලයක් පුරා සිදුවුවත් මේ වනවිට එම  ස්ථානයේ කුණු දැමීම සම්පුරණයෙන්ම තහනම්ය. ඒ සම්බන්ධව දැනුම් දී ඇති දැන්වීමක්ද එම ස්ථානයේ ගසා ඇත. කිසිවකු හෝ කුණු දැමුවහොත් ඒ සම්බන්ධව දැනුම් දෙන ලෙස වෙන්නප්පුව ප්‍රා.සභාවේ සහ වෙන්නප්පුව පොලීසියේ දුරකථන අංකද එහි සඳහන් කර තිබේ.
මීට පෙරද වෙන්නප්පුවේ කුඹුරු ආශ්‍රත ප්‍රෙද්ශයකට කුණු දමන්නට ගොස් ප්‍රෙද්ශවාසීන්ගේ විරෝධතාවය හමුවේ එය නැවතී තිබිණි.

https://www.facebook.com/video.php?v=791270807582321

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here