පරිසර දිනය වෙනුවෙන් වෙරළ උද්‍යානය පිරිසිදුකිරිම ගැන තවත් කතාවක් !

0
354

FB_IMG_1559799152762

මිගමුව වෙරළ උද්‍යානය පිරිසිදු කිරිමට කිසියම් කණ්ඩායමක් පරිසර දිනය යොදාගෙන තිබුන බව මුහුණු පොතේ සටහන්ව තිබුනේ පින්තූර රාශියක් සමගිනි

පරිසරය අපවිත්‍රව ඇත්තේ නම් එය පරිසර දිනයට මෙන්ම හැමදාකම පිරිසිදුව තබාගැනිම බෙහෙවින්ම යහපත් කාර්යයකි.එහෙත් මෙහිදි අපගේ අවධානය යොමුකළ යුතු එක් ප්‍රබල කරුණක් තිබේ.එනම් වෙරළ උද්‍යානය පිළිබදවය.එය මිගමුවේ බදුගෙවන ජනයාගේ දේපලක් වුවද දැනට දශක ගණනාවක් තිස්සේ තනි පවුලකට වසරකට කෝටිගණනින් මුදල් සොයා දෙන සල්ලි ඉල්ලමක් බවය.දැන හෝ නොදැන පරිසර දිනයදා සත්භාවයෙන්ම පිරිසිදු කරන්නේ දශක ගණනාවක් පුරාවට මීගමුවේ ⁣එක්තරා දේශපාලන පවුලක් විසින් අපිරිසිදු කරන ලද මිගමු ජනතාවගේ දේපලකි.මෙය තේරුම ගැනිමට මිගමුවේ ජනතාවට ඉඩසැලසිම යනු ජනතාවට සැබැවින්ම ආදරය කරන සමාජ ක්‍රියාකාරිකාරින්ගේ වගකීමකි.එය නිවරදිව තේරුම් ගැනිමට සිත් පිරිසිදු කරගැනිමට දැන් කාලයයි.