පරිසර විනාශය කැන්දන තවත් අනවසර ගොඩකිරීමක්…..

0
504
IMG 20211123 WA0004
IMG 20211123 WA0007

කදිරාන ,දොන් ඩේවිඩ් මාවතේ අවසන් වන බේස්ලයින් පාරට යාබදව ඇති ඉඩමක් ගොඩ කිරීමට කටයුතු යොදා ඇත. ප්‍රදේශවාසියෙකු අපට ලබාදුන් තොරතුරු අනුව එම ඉඩම අයිති වන්නේ දූනගහ ප්‍රදේශයේ කාන්තාවකටය. එහි අයිතිය පවරා ගැනීම සහ ගොඩකිරීම සම්බන්ධව ගැටළු පවතින බවත් , දේශපාලන හයියක් සහිතව මෙම ක්‍රියාවන් සිදුවන බවත් එම තොරතුරු අනුව ප්‍රකාශ විය.

කටාන මැතිවරණ බල ප්‍රදේශයට අයිතිවන මෙම ඉඩම ගොඩ කිරීමට අදාලව එම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ගේ සොයා බැලීමක් තිබේද ? ඒ සඳහා අවසරයකින් තොරව මෙවැනි ඉඩම් ගොඩ කළහැකි ද?
යන ගැටළු ප්‍රදේශවාසීන්ගේ අවධානයට ⁣යොමුවී ඇත .
ප්‍රමිතියකින් තොරව ගොඩකිරීම් නිසා ඇලවල් සහ කානු උතුරා ගොස් මතුවන ගංවතුර ප්‍රශ්ණයට කිසිදු විසඳුමක් නැත . වගකිවයුත්තෝ ඒවා තමන්ගේ ඡන්ද පොරොන්දු බවට පත්කරගෙන ඇති නිසාත් සැලසුමකට අනුව ඒ කිසිවක් සිදු නොවන නිසාත් , පීඩාවට පත්වන්නේ මෙම ප්‍රදේශ වල ජීවත්වන ජනතාවය.

මේ වනවිට මෙහි යම් ප්‍රමාණයකට බොරළු දමා , තාවකාලිකව නතර කර ඇත. අපට ලැබුණු තොරතුරු අනුව මේ සඳහා ගම්පහ ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් ඉඩ අවසරය ලබාගෙන ඇති නමුත් ඊට අදාල කොන්දේසි මොනවාදැයි අපි නොදනිමු . නමුත් පහත් බිම් සම්බන්ධව යම් නීතිමය සීමාවන් පවතින බව අපි දනිමු .
එසේම මෙය බරපතල පාරිසරික ගැටළු මතුකෙරෙන තත්ත්වයක් හෙයින් තවදුරටත් අවධානයෙන් සිටින ලෙස අප ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටිමු .
එබැවින් දොන් ඩේවිඩ් මාවතේ සිදුවන මෙම ගෙඩකිරීම පිළිබඳව
අපද විමසිල්ලෙන් සිටින බව ප්‍රකාශ කරමු.
සැම්සන් ඥානසිරි

IMG 20211123 WA0008

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here