පල්ලන්සේන පල්ලියේ පුංචි ස්වාමිගෙන් ආගමික නිදහසට බාධා ?

0
183

11aa23t1religous freedomමේ රටේ තමන් කැමැති ආගමක් හැදහිමේ  අයිතිය මේ රට තුල තහවුරු කර ඇත්තේ රටේ උත්තරිතරම නිතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙනි.
එය උල්ලංඝනය කරමින් චණ්ඩිපාට් දමන්නට කිසිදු ආගමික නායකයෙකුට කිසිදු ඉඩක් නැත්තේමය.
එහෙත් පසුගිය කාලය තුල ගලබොඩ අත්තේලා රටේ උත්තරිතර නිතිය උල්ලංඝණය කරිමින් අනික් ආගමික කොටස් වෙත ප්‍රචණ්ඩත්වය මුදාහැරිම පිළිබදව රටේ බහුතරයක් දෙනා හෙළාදකින ලදි.
තතු එසේ තිබියදි කතෝලික පල්ලිය තුලද ඇතැම් පියවරුන් අනික් කිතුණු ආගමික  කොටස් වල තමන් කැමැති ආගමක් කැමැති අයුරකින් ඇදහිමට ඇති අයිතියට අකුල් හෙලිමේ පිළිකුල් සහගත ක්‍රියාවන් කිපයක් අප දුටිමු.
පල්ලසේන පල්ලියේ පුංචි ස්වාමිද රටේ උත්තරිතර නිතියට එහා යමින් පුංචි ස්වාමිගේ නිතිය  ක්‍රියාත්මක කරන්නට ගොස් ඇතැයි කොච්චිකඩේ  පල්ලන්සෙන ප්‍රදේශයෙන් වාර්ථා වේ .වාර්තා වන අන්දමට ජනතාව හමුවී ,ගෙයින් ගෙට ගොස් බයිබලය ගැන දේශනා කරන එක්තරා ආගමික කණ්ඩායමකට මේ පියතුමා කියා අැත්තේ මේ ආගම දේශනා කිරිම නතර නොකළහොත් පල්ලසේන ප්‍රදේශයේ ධීවරයන් පැමිණ මේ අයට  පාඩමක් උගවනු ඇති බවය,
මේ බලපෑම බරපතලය.
ප්‍රගතිශිලි පියතුමෙකු ලෙසින් අප කව්රුත් හදුනාගත් අයෙකු ප්‍රධාන පියතුමා ලෙසින් සිටින පල්ලියක පුංචි ස්වාමි චණ්ඩියාට ඇන්දේ ඇයි ?
ආගම දේශනා කරමින් ගෙයින් ගෙට ගිය පිරිසකට පසුව පොලිසියේ ආරක්ෂාව මත එතනින් ඉවත් වන්නට සිදුව තිබුනේ නම් ඉන් කියැවෙන්නේ කුමක්ද ?
මේ එන්නේ ගලබොඩ අත්තේලාගේ කතෝලික එකද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here