”මෙතන මාළු කිරන්නේ හොරට ඒ විතරක් නෙමෙයි නොදන්න අයට මාළු අන්දවලා හොද උන් ඉස්සරහින් පෙන්නල තැලිච්ච උන්ගෙන් බෑග් පුරෝනවා. ඒ විතරක් නෙමෙයි මේකෙ තියෙන අපිරිසිදු කම මාළු ජාරාවත් එක්ක වතුර හැම තැනම හිටිනවා කිසිම ලෙවල් එකකට නෙමෙයි මේක හදල තියෙන්නේ මෙහෙම ගිෙයාත් තවඅවුරුද්දක් මේක තියෙයිද දන්නේ නෑ. දැන් මෙහෙ එනවා වෙනුවට මිනිස්සු මාළු ගන්න මංකුලිය ලෙල්ලමට යනවා.අපි ගාවට එන්න නෑ.”
මිපුරට මේ අදහස් පළකළේ අපගේ වාර්ථාකරුවෙකු ඊයේ දවල් කාලයේ එහි ගොස් සිටි අවස්ථාවක මාළු වෙළදාමේ යෙදෙන කාන්තාවන් පිරිසක් විසිනි.