පවුලක් මහමගට ඇද දමා නිවස කඩලා..? මීගමුව නගරාධිපතිට චෝදනා.?

0
75

3 මීගමුව පිටිපන ප්‍රදේශයේ දරුපවුලක්  ඔවුන් පදිංචිව නිවස බුල්ඩෝසර් කර මහමහට ඇද දැම්මයි කියා අද පිටිපන ප්‍රදේශයේ ජනතාව මීගමුව නගරාධිපතිවරයාට එරෙහිව විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
අංක 262 යන ලිපිනයේ වසර 16 තිස්සේ පදිංචිව සිටින ප්‍රැන්සිස් සේවියර් යන ගේහිමියා පවසා සිටින්නේ තමන් නිවස සාදගෙන සිටි ඉඩම පල්ලියට අයත් එකක් බවත් පියතුමාගේද ඊට විරෝධාතාවක් නොමැති බවත්ය.
කෙසේ වෙතත් අධිකරණ නියෝගයක් මත  ඊයේ උදෑසන මේ නිවස බුස්ඩෝසර් කර දමා ඇත.
පාසැල් යන දරුවන් දෙනෙකුද සිටින මේ පවුල දැන් අසරණව සිටි.ප්‍රදේශවාසින් මෙන්ම එජාප නාගරික ම්න්ත්‍රිවරුන් වන ගිහාන් ප්‍රනාන්දු සහ සංගීත් ද  මේ විරෝධතාවයට එක්ව සිටිනු දක්නා ලදි.
ඔවුන්ගේ චෝදනාව වන්නේ තලාහේන පේරුවේ මෙන්ම මීගමුව නගරයේද අනවසර ඉදිකිරිම් දහස් ගණනක් තිබියදි ඒවා කඩා නොදමා මේ අසරණ දරු පවුලක් මහමගට ඇද දමමින් සිදුකර ඇත්තේ නිහින ක්‍රියාවක් බවය.
මේ සිදුවිම සම්බන්ධයෙන් අප නගරාධිපතිවරයාගෙන් විමසිමට කිපවරක් ඔහුට දුරකථන ඇමතුම් ලබාදුන්නද එය අසාර්ථකවිය.
ඡායාරූප- ඩිල්ෂාන් තිසේරා