පවුල පෝසත් කරපු දේශපාලකයන් මිගමු රෝහලට කරපු දේ ?

0
74

මීගමුව රෝහලේ ස්ථානිය පිහිටිම අනුව ඒය සැබැවින්ම ඉතා ඉහල පහසුකම් වලින් හෙබි ප්‍රමුඛ පෙලේ රෝහල් ලෙසට සංවර්ධනය කළ යුතු බව අවිවාදිතය.
ජාත්‍යන්තර ගුවන්තොටුපලට සමිපම රෝහල වන්නේදය එයයි . සංචාරක පුරවරය,ධිවර නගරය , නිදහස් වෙළද කලාපය යනාදි සියළු අංශ ගෙන බැලුවද මිගමුව රෝහල ඉතා ඉහල මට්ටමේ පහසුකම් සහිත එකක් බවට මේ වන විට සංවර්ධනය කර තිබිය යුතුය.
එහෙත් අවාසනාවක මහත වන්නේ ඇතැම් මුලික පරික්ෂණ පවා කරගැනිමට නවලෝක වැනි රෝහල් වෙතට යැමට කිය රෝහලේ වෛද්‍යරුන් විසින්ම උපදෙස් දිමට සිදුව ඇති තත්වයකට අද රෝහල පත්ව තිබිමයි.

මිගමුවටම යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වසර ගණනාවක් පුරා නොසිටියද නිමල් ලංසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ඇමතිවරයෙක් වි දැන් වසර ගණනාවකි.,ඒදා මෙදා තුර කාලය තුල ඔහුගේ සහෝදරයා මිගමුවේ නගරාධිපති කිරිමට ඔහු සිය පුර්ණ දායකත්වය සපයා තිබුණ අතර කිසිදු රැකියාවක නිරත වු නගරාධිපතිවරයා දැන් කෝටි ගණන නිවසක්ද තනා අධි සුඛෝපබෝගි දිවියක් දැන් ගත කරමින් සිටි.
නිමල් ලංසාට ඇති ලංකාවේ ඇති දේපල වලට අමතරව පිටරටවලද දේපල ඇතැයි පැවැසේ .

ඒ් සියල්ල ඒසේ වෙද්දි ජිවිතය වෙනුවෙන් පණඅදිමින් සිටින රෝගියෙකුට සි.ටි.සි ස්කැන් පරික්ෂාවකට රු 8000 ක් ගෙවා නවලෝක රෝහලේන් ගිලන් රථයක් ගෙන තවත් රු 8000 ක් ගෙවා මෙම ස්කැන් පරික්ෂාව සිදුකරගැනි හෝ දිනයක් ලැබෙන තෙක් රාගම රෝහලට යැමට බලා සිටිම සිදුකල යුතුව තිබේ.
පවුල් පරම්පාරව පමණක් ගොඩදාපු මිගමුවේ දේශපාලකයන් මිගමුව රෝහලට ඇත්තටම කර ඇත්තේ කුමක්ද ?