පසුගිය පළාත් පාලන මැතිවරණය දිනයේ සිතියම්ගත ඇලක් ගොඩකර තැනු හෝටලයට මහින්ද පුංචි මන්ත්‍රිලා කැදවයි?

0
146
රැනොවෙල් හෝටලය විවෘත කළ දා
රැනොවෙල් හෝටලය විවෘත කළ දා
අද රැස්විමට පැමිණි සරත් සහ බැසිල්
අද රැස්විමට පැමිණි සරත් සහ බැසිල්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා මහින්ද පිලේ පුංචි මන්ත්‍රිලා මෙ වන විට මීගමුව කොච්චිකඩේ රැනෝවේල් හෝටලයට පැමිණෙමින් සිටින බව වාර්ථා වේ.
රටේ යහපාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ඕනෑ යැයි කියමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පෙබරවාරි 14 වනදා සිය පුංචි මන්ත්‍රිලාව කැදවා ඇත්තේ සිතියම් ගත ඇලක් ගොඩකරමින් රාජපක්ෂ සමයේ ඉදිකළ හෝටලයකටය.
මේහි ඇති ඊළග දෛවයේ සරදම වන්නේ මෙම සිතියම්ගත ඇල ගොඩකිරිමට අදාල ව්‍යාපාරිකයා කටයුතු කර තිබුනේද පසුගිය පළාත් පාලන මැතිවරණය පැවැති 2011 ඔක් 11 වෙනිදාමය.
එම හෝටලයේ සිට අද මහින්ද රාජපක්ෂ මහතා මෙවර පළාත් පාලන මැතිවරණයට තම පිළ ඉදිරිපත් කරන ආකාරය ගැන කථාකරයි .

රැනෝවේල් හෝටලය විවෘත කළ දා
රැනෝවේල් හෝටලය විවෘත කළ දා

තවත් එක් කරුණක් සදහන් කළ යුතුමය.එනම් මෙම හෝටලයේ හිමිකරු රවි යනු නැසිගිය හිටපු ඇමති ජේයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ බඩියන්ගේ ඇසුෙර් සිටිමින් හරි හම්බ කරගත් කලු සල්ලිවලින් මෙම හෝටලය ආරම්භ කිරිමයි.
මෙම හෝටලය වෙත පසුගිය නිදහස් දිනය දවසේ පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ තමන්ගේ නිදහස දැන් අහිමිවි ඇති බවය.Ranowell
ඔහු නිදහස ඉල්ලන්නේ සිතියම් ගත ඇලවල් ගොඩකර තමන්ගේ ඇමතිවරුන් ගේ කලු සල්ලිවලින් රැනොවෙල් වැනි තව තවත් හෝටල් ඉදිකරන්නටද ?