ඊයේ රාත්‍රි 8.10 පමණ මාධ්‍යවේදියා විසින් මෙම ඉන්ධන හලේ ඉන්ධන නැතැයි සදහන් කර තිබුන පුවරු සිය ජංගම දුරකථනය මගින් විඩියෝ කරමින් සිටියදි ඒහි පැමිණි ඉන්ධනහලේ හිමිකරු සහ තවත් දෙදෙනකු මාධ්‍යවේදියාට පහර දි ඔහුගේ දුරකථනයත් , රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබුන මාධ්‍ය හැදුනුම්පතත් උදුරාගෙන තිබුණි.
අදාල ඉන්ධන හල මිගමුවේ ප්‍රධාන කාණුවක් මත ඉදිකර ඇති එකක් වන අතර දේශපාලන සම්බන්ධකම් පාවිච්චි කරමින් අදාල ඉන්ධන හල කාණුවක් මත ඉදිකිරිමට රැකවරණය ලබාදි තිබුනේ මිගමුව මහනගර සභාව විසිනි.
දැනට දශක 2 කකටත් වැඩි කාලයක් මිගමුව පාලනය වන්නේ කලු සල්ලි පවුලක් විසින් බව රටම දනි.