Stories පහුගිය දවස්වල වැඩිපුර අහුවුන මාළු තොග පිටින් කරවල වලට….. By fgamage - 2020 September 5 0 447 FacebookWhatsApp කාලෙකට පසු මිගමුවේ ධිවරයන් හට යහමින් ලැබුන මත්‍යස්‍ය අස්වැන්නෙන් වැඩිම ප්‍රමාණයක් දෙන්නට සිදුව තිබුනේ කරවල නිෂ්පාදනය සඳහාය. මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත්කළ ධිවරයෙකු කියා සිටියේ බෝට්ටුවකට මාළු කිලෝ 100 කට වැඩි ප්‍රමාණයක් අසුවුහහොත් ඉන් පාරිහෝගිකයන් හට අලෙවි කළ හැක්කේ තැලුන නැති හොද තත්වයෙන් ඇති මාළු පමණක් බවය.බෝට්ටුවේ ඇතුලත දැල්වලට පැටලුන යට කොටසේ ඇති මාළු විශාල ප්‍රමාණයක් තැලි ඇති නිසා ඒ සියල්ල කරවල නිෂ්පාදනය ලබාදිමට සිදුවන බවය විශේෂයෙන්ම පසුගිය දිනවල හුරුල්ලා මසුන් බහුල වශයෙන් මිගමුවේ කුඩා බෝට්ටුවලට අසුව තිබුණි.