මෙවර ශිෂ්‍යත්ව විභාගය ඩෙල්ෆ්. නයිනතිව්. අනලතිව් දුපත් ප්‍රදේශ වලද පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් වු පසු ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය රහස්‍ය ලේඛනයක් වන බව විභාග කොමසාරිස් ජයන්ත පුෂ්පකුමාර මහතා පවසයි. එබැවින් එම ප්‍රශ්න පත්‍ර ළග තබා ගැනීම . පිටපත් කිරීම . ඡායා පිටපත් ළග තබා ගැනීම . විකිනීම . මුද්‍රණය සහ ප්‍රසිද්ධ කිරීම සපුරා තහනම් වෙයි.
පහ වසර ශීෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ට විභාග කොමසාරිස් ජනරාල් ජයන්ත පුෂ්පකුමාර මහතා උපදෙස් මාලාවක් ද නිකුත් කරයි. විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අද පෙරවරු 9.30 සිට 10.15 දක්වා පැවැත්වෙයි. දෙවන ප්‍රශ්න පත්‍රය පෙරවරු 10.45 සිට මධ්‍යහ්න 1200 දක්වා පැවැත්වීමට නියමිතයි.
කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා අපේක්ෂකයන්ට දැනුම් දෙයි. විභාග අපේක්ෂකයන් තමන්ට අදාළ විභාග අංකය ඇදුමේ වම්පස පැලද සිටිය යුතුය. පිළිතුරු සැපයීම සදහා පැන්සලක් හෝ පෑනක් භාවිත කළ හැකිය. විභාග අංකය නිවැරදිව සටහන් කරන ලෙසද ඔහු දැනුම් දෙයි . කල්වේලා ඇතිව දරුවන් පාසල් වෙත රැගෙන එන්නැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි. දෙමාපියන්ට විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුඵවීමට අවසර නැත. විවේක කාලයේදීද දෙමව්පියන්ට විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුඵවීමට ඉඩ නොලැබෙන බැවින් දරුවන්ට කෙටි ආහාරයක් සහ වතුර බෝතලයක් රැගෙන යාමට ලබාදෙන්නැයිද ඔහු ඉල්ලා සිටී.
www.slbc.lk