පළතුරු බීම බෝතලයක් නිසා කටුනායක සේවිකාවක් රෝහල් ගතකෙරේ ?

0
161
mde

අද දහවල් 12.30ට පමණ කටුනායක අැවරිවත්ත ප්‍රදේශයේ හෝටලයකින් පළතුරු බිම බෝතලක් මිළට ගෙන පානය කරද්දි වමනය සහ හිසරදය ඇතිවිම හේතුවෙන් නිදහස් වෙළද කලාපයේ සේවිකාවක් අද සවස මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ. මේ පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ තමන්ට ඇතිවු රෝගි තත්වය ගැන අදාල සමාගමේ නියෝජිතයන්ට කරුණු පැහැදිලි කළද ඒ ගැන කිසිදු අවධානයක යොමු නොකළ බවය.බීම බෝතලයෙන් උගුරක් කටට ගත් විටම අප්පිරියාවක් දැනී ඇති අතර ඒ සමගම ඇය වමනය කර තිබේ.
මේ සම්බන්ධයෙන් හෝටලයට දැනුම් දුන් පසු එහි කාන්තාවක්ද  බීම පරික්ෂා කිරිම සදහා පානය කර තිබේ. පසුව ඇයද වමනය කර ඇති අතර මෙම බීම බෝතලය නරක් වී ඇති බවට ඔවුන් ද තේරුම් ගෙන ඇත. ඉන් පසුව ප්‍රෙද්ශයේ මෙම බිම වර්ගය බෙදා හරින නියෝජිතයාට ඇමතුමක් දී ඇති අතර ඔහු එම ස්තානයට පැමිණි තිබේ. නමුත් ඔහු විසින් බීම බෝතලය නරක් වී ඇති බව  ප්‍රතික්ෂේප කළ බව ඇය පවසයි. මෙම කාන්තාව දැනට මීගමුව රෝහලේ වාට්ටු අංක 3 නේ ප්‍රතිකාර ලබමින් සිටි.

mde
mde