පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ පණත් කෙටුම්පත සම්මතයි.

0
169

Parliament

පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ පණත් කෙටුම්පත සංශෝධන සහිතව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මතවී ඇත. මෙහිදී පනතට පක්ෂව ඡන්ද 120ක් ලැබී ඇති අතර පනතට විරුද්ධව කිසිදු ඡන්දයක් ප්‍රකාශවී නැත. නමුත් ඡන්දදීමෙන් වැලකී සිටි පිරිස 44කි.

ඡන්දය දීමෙන් වැලකී සිටි මන්ත්‍රීවරුන් අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද සිටින අතර මෙම පනත් කෙටුම්පත සංශෝධන සහිතව නමුත් ඡන්දවිමසීමකින් තොරව සම්මත කිරීමට එකගතාවයක් පාර්ලිමේන්තුවේ තිබී ඇති අතර ඊට විරුද්ධ වී ඇති ජනතා විමුක්ති පෙරමුණේ නායක හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඒ සදහා ඡන්දයක් පැවැත්විය යුතු බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඡන්ද විමසීමක් පවත්වා ඇත.