පළාත් පාලන ආයතන රැසක මුල්‍ය අර්බුද ? මිගමුවේ තත්වයත් නරක අතට ….

0
120
MC-2-e1530758211220පළාත් පාලන ආයතන රැසක මූල්‍ය අර්බුද මතුව ඇතැයි වාර්තා වේ.බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන 49 තුළම දැඩි මූල්‍ය අර්බුද ඇතිව ඇති බව බස්නාහිර පළාත් පාලන කොමසාරිස් කසුන් ඈපා සෙනවිරත්න මහතා කියා සිටි බව ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.
එහි තවදුරටත් සදහන් වන්නේ එම පළාත් පාලන ආයතනවල ස්වයං උත්පාදන ආදායම් ඇනහිට ඇති බවද ඔහු සඳහන් කර ඇති බවයි.

වරිපනම් බදු අයකිරීම් ද ඇනහිට ඇති බව ඒ මහතා කියා තිබේ..

එහෙමන්ම රාජ්‍ය පරිපාලන, පළාත්සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ලබන සතියේ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

ඒ සඳහා පළාත් පාලන ප්‍රධාන ලේකම් හා පළාත් කොමසාරිස්වරු සහභාගිවීමට නියමිත බවද ඔහු හෙළිකර තිබේ.
මේ අතර මිගමුව මහනගර සභාවේ මුල්‍ය තත්වයේ  බරපතල කම පසුගිය දිනක පැවැති මහසභාවකදි  එහි නගරාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියේ පිළිගෙන තිබුනේ මරණයක් සදහා ගෙවමින් තිබුන රු 5000 ක ආධාරයද ගෙවාගැනිමට නොහැකි බව කියමිනි.
එහෙත් එළඹෙන මැතිවරණය සදහා පොහොට්ටුවෙන් තරග වදින නගරාධිපති සොහොයුරාගේ දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘති වෙනුවෙන් මෙන්ම නගරාධිපතිවරයාගේ සමිපතම කොන්ත්‍රාත්කරුවන්ට හට මුදල් ගෙවිම් කටයුතු දිගටම කරගෙන යමින් සිටින බවද වාර්ථා වේ ,
.ඒ සදහා ඇතැම් දුෂිත නිලධාරින්ගේ සහයද මිගමුවේ දේශපාලන අධිකාරිය වෙත නොමදව ලැබෙමින් තිබේ.