පළාත් සභා මන්ත්‍රි රොයිස්ට බරපතල ඇප කොන්දේසි ලබාදුන්නේ ඇයි ?

0
43

roies7මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත මහතාට ඉටුකරන්නට බැරි තරම් බරපතල ඇප කොන්දේසි ලැබිම ගැන දැනටමත් මීගමුවේ විමසිලිමත් ජනයා අතර විවිධ අදහස් හුවමාරු වෙන්නට පටන්ගෙන තිබේ.
අද දින අධිකරණයෙන් ඉදිරිපත් වු ඇප කොන්දේසි අතර මුදලින් රු දශ ලක්ෂයක් ,රුපියල් කෝටියක බැංකු ඇපයක්,ලඟම ඥාතියෙකුගේ ඇපයක්,රජයේ සේවකයෙකුගේ ඇපයක් සහ මීගමුවේ වැසියෙකු ගේ  ඇපයක් ද විය.
එමෙන්ම සෑම ඉරුදිනකම පෙව.9 ත් 12 අතර කොළඹ අපරාධ කොට්ටාශ පොලිසිය වෙත ගොස් අත්සන් කිරිමය.
මේ අතර වේගයෙන්ම පැතිර යන්නට පටන්ගෙන ඇති ආරංචිය වන්නේ රොයිස් විජිත මන්ත්‍රිවරයාට මෙසේ බරපතල ඇප කොන්දේසි ලබාදි ඔහුට කිසියම් බලපෑමක් කිරිම සදහා සැලැස්මක් කව්රුන් හෝ විසින් ක්‍රියාත්මක කරන්නේද යන්නයි?
මේ අතර රොයිස් විජිත මන්ත්‍රිවරයා ආණ්ඩුවට එක්වන්නේය යන ප්‍රාචාරයක්ද මීගමුව පුරා පැතිර යන්නට පටන් ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් එජාපයේ මීගමු ජේෂ්ඨයෙකු රොයිස් විජිත මන්ත්‍රිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු කියා ඇත්තේ තමන් කිසිදා මීගමුව ආසනය හෝ පක්ෂය හැර දමා කිසිසේත්ම නොයන බව ඒ  බොරු ප්‍රචාර යවන අයට දන්වා සිටින ලෙසය.
මේ ඇප කොන්දේසි සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුුරු දුන් රොයිස් විජිත මන්ත්‍රිවරයා වෙනුවෙන් පෙනි සිටි නිතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසා සිටියේ අධිකරණය විසින් ඇප ලබාදිම පිළබදව සතුටු වන බවත් එහෙත් බරපතල ඇප කොන්දෙේසි ලබාදි තිබිම ගැටළුකාරි බවත්ය.
මේ නිසාම ඒවායේ කිසියම් සංශෝධනයන් සදහා අධිකරණය වෙත මෝසමක් ලබාදිමට ඉදිරියේදි බලාපොෙරාත්තු වන බවත්ය.
මේ අතර ඇප වෙනුවෙන් රු දශ ලක්ෂයක මුදල සෙවිම සදහා පක්ෂ ක්‍රියාකාරින් දැන් සිටම ක්‍රියාත්මකව ඇතැයි එහි ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු මීපුරට පවසා සිටියේය.