පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා හදිස්සියේම මීගමුව රෝහලට පැමිණියේ ඇයි ?

0
74

මීගමුව රෝහල පිළිබදව කරුණු ගණනාවක් අවස්ථා කිපයදිම විවිධ මාධ්‍යයන් විසින් මතුකර තිබුණි.
ඒ තත්වයන්ට ප්‍රතිචාර දැක්විම සදහා මීගමුව රෝහලේ අධ්‍යක්ෂකතුමිය ඇතුළු පරිපාලනයට සම්බන්ධ පිරිස දැනටමත් විවිධ ක්‍රියාමාර්ගය ගනිමින් සිටින බැව් පෙනේ .

dav
එහෙත් ඒ මට්ටමින් විසදාගත නොහැකි කරුණු රැසක් රෝහල තුල පවති.ඒ සදහා අවශ්‍යයෙන්ම පළාත් මට්ටටමේ නිළධාරින්ගේ මැදිහත්විමක් අත්‍යවශ්‍යය.
ඒ අනුව අද දිනයේ බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා මීගමුව රෝහලට පැමිණ තිබුණි.
මේ සදහා ඇරයුම් ලද මාධ්‍යකරුවන් කිපදෙනෙකුද විය.ඒ අතර මීපුර වෙබ් අඩවිය,සිරස,හිරු සහ ලංකාදිප පුවත් පතද වු බව අපගේ දැනිමයි.
එහෙත් අප හට ඒ ඇරයුම ලැබ තිබුනේ පැවැත්විමට නියමිත සාකච්ජාවෙන් පසුව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා හමුවිමට කෙටි වෙලාවක් ලබාදිමට මිස ඔවුන් ගේ රැස්විම සදහා නොවේ.
පරිපාලන රැස්විමකට අනාරාධිතව මාධ්‍යවේදින්ට යෑමට නොහැකි බව සත්‍යයකි.
මේ පිළිබදව තවදුරටත් පැහැදිලි කරගැනිම සදහා මෙසේ පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂකවරයා හමුවිම සදහා ඇරයුම් ලැබු මීගමුවේ ජේෂ්ඨ මාධ්‍යවේදියෙකුගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ අපට ආරාධනා කර තිබුනේ රැස්විම නොව ඉන් පසුව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා හමුවිමට බවය.
මේ පිළිබදව ඇත්ත නොදැන කව්රුන් හෝ අසත්‍ය ප්‍රචාර ගෙනයන්නේ නම් අප ඇත්තටම ඔවුන් ගැන කණගාටු වෙමු.

පුවතට කලින් මේ පැහැදිලි කිරිම කළ යුතුව ඇත්තේ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා හමුවිම සදහා ඇරයුම් ලද අතලොස්සක් වු මාධ්‍යවේදින් අතර මීපුර වෙබ් අඩවියද වු නිසාය.
දැන් අපට කියන්නට කරුණක් ඇත.
එනම් මීගමුව රෝහල තුල කලාන්තරයක් තිස්සේ පවතින ඇත්ත ප්‍රශ්ණ වලට ඇත්ත උත්තර සොයන්නට කිසිදු අවංක උවමනාවක් මේ බහුතරයක් වු පළාත් මට්ටමේ උසස් නිළධාරින්ට තිබුනේ නැති බවය..මේ නිසා ඇත්තටම සිදුවන්නේ මීගමුව රෝහලේ ඇත්ත ප්‍රශ්ණ තේරුම්ගෙන ඒවාට ඇත්ත පිළිතුරු සොයන්නට යන බොහොමයක් පරිපාලකයන් අර්බුදයට යාමය.
මීගමුව රෝහල පිළිබදව දශකයකටත් වැඩි කාලයක් තිස්සේ මහත් වු උනන්දුවකින් කටයුතු කරන ලද දැවැන්ත විවේචන ඉදිරිපත් කළ මාධ්‍යයක් හැටියට අප කල්පනා කරන්නේ අපේ මාධ්‍ය මෙහෙවර යනු මීගමුව රෝහල කලාපයේ හොදම රෝහල කරගැනිම ඉලක්ක කර ගත් එකක්ම පමණක් බවය.

රෝහලට අදාලව අප දැනට තේරුම් ගෙන ඇති ප්‍රධාන ප්‍රශ්ණ කිපයක් ඇත.

dengu 1

1ඩෙංගු රෝගය සදහා මීගමුව රෝහල  දැනට උසුලනු ලබන ප්‍රසිද්ධිය නිසා ලංකාව පුරාම රෝගින් පැමිණෙමින් ඇති නිසා දැනට රෝහල තුල විවිධ ක්ෂේත්‍රවල බරපතල කාර්ය මණ්ඩල හිඟයක් පවති.
වෛද්‍යවරුන් හෙද කාර්ය මණ්ඩලය ,කනිෂ්ඨ සේවකයන් ,මෙන්ම රසායනාගාර සේවකයන්ද මෙයට අදාලය.
එමෙන්ම මෑතක සිට වර්ධනය වෙමින් ඇති ඉන්ෆුලුවෙන්සා වෛරස් තත්වය නිසාද රෝගින් ගණන වැඩිවෙමින් තිබේ.
මේ සියළු තත්වයන් තුල කාර්ය මණ්ඩල වල මෙන්ම ඉඩකඩවලද බරපතල අඩුවක් පවති.
මේ තත්වයට වහා විසදුම් සේවිම රෝහල තුල දැන් අංක එකට පැමිණ තිබේ.
මේ නිසා තට්ටු ගොඩනැගිල්ල කඩිනමින් නිම කිරිමටත් කාර්ය මණ්ඩල හිගයට විසදුම්

2.රෝහල තුල මතුව ඇති ඇතැම් ආනාරක්ෂිත තත්වයන්ට කඩිනම් පියවරයන් ගැනිම – කාර්ය මණ්ඩල වල වාහනවල කෑලි ගැලිවිම වාහන හප්පා දමා යාම.රෝගින්ගේ බඩුබාහිරාදිය නැතිවිම යන කරුණුද දැන් මතුව  තිබේ.
එයට සරිලන සුදුසු වැඩ පිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව තිබුණි.
ඒ අනුව වත්මන් අධ්‍යක්ෂකවරිය ඇතුළු සෙසු පරිපාලන නිළධාරින් එක්ව දැන් රෝහල ප්‍රධාන ස්ථාන ආවරණය වන පරිදි CCTVකැමරා 22 ක් සවිකර ඇත.
මේ නිසාම දැන් පඩි අරන් වැඩනොකර ඇතැම් විට නොහොබිනා වැඩකරන අයට මෙය හිසරදයක්ව තිබේ.
එහෙත් දැන් කෙසේ හෝ එය ක්‍රියාත්මක කොට තිබිම ඉතා වැදගත්ය.chamilachamila newchamila 2
ලංකාවේ රෝහල් ඉතිහාසය තුල සිදුවූ  අති අමානුෂික ඝාතනය සිදුව අැත්තේද මීගමුව රෝහල තුල බව අවධාරණය කළ යුතුය.   එය අමතක අයට CCTV කැමරා නිනව් නැත.

3. මීගමුව රෝහල තුල ඇතැම් හෙද කාර්ය මණ්ඩල නිළධාරින් පවා නිසි ලෙස සිය රාජකාරිය ඉටුනොකර කටයුතු කිරිම පිළිබද විවිධ අවස්ථා වල අපට දැනගන්නට ලැබි ඇත.
මේ ඇතමෙක් වෘත්තිය සමිති /සංගම් වලට සම්බන්ධ අය බවද කියැවේ.
එසේ වුවද රෙගුලාසි ප්‍රකාර ඔවුන්ව රාජකාරි කටයුතු වලින් නිදහස් කර නැතිනම්  අනික් හෙද කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙන්ම ඔවුන්ද සිය රාජකාරි වල නියැලිම අනිවාර්යය.
තතු එසේ වුවද මේ ඇතමෙක් තමන් ලොක්කන් යැයි සිතා කටයුතු කරන ආකාරයක් අප බොහෝ කලක සිට නිරික්ෂණය කොට ඇත්තෙමු.
මේ කිසිවෙකුටත් කිසිවිටකත් පරිපාලනය විසින් කිසිදු බුරුලක් සැපයිය  යුතුනොවේ.
අපට දැනගන්නට ලැබි ඇති පරිදි බාහිර රෝගි ප්‍රතිකාර අංශය අළුතින් ස්ථාපිත කොට එහි වගකිම් නව නායකත්වයකට භාරදිමට කටයුතු සැලසුම් කොට තිබියදි එයට විරෝධය පළකරමින් පරණ තැන්වලම අරක්ගෙන සිටිමට ඇතමුන් සිය වෘත්තිය සමිති නායකත්වයන්ට විවිධ කථා කියා විවිධ ඉල්ලිම් කරන්නට යෙදි තිබුණි

PFF 4PFF 1

මේ ඇතැම් වෘත්තිය සමිති නායකයන් යහපාලනය මේ රටතුල ස්ථාපිත කිරිමට සැලකිය යුතු දායකත්වය ලබා දි තිබුණ අතර ඒ අය ගේ දැන් වගකිම වනුයේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් මේ රටතුල ස්ථාපිත කිරිමයි. එමෙන්ම එදාටත් වඩා ජවසම්පන්නව කටයුතු කිරිම මිස පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පුද්ගලිකව හමුවී තමන්ගේ වෘත්ති සමිතියේ ඇතැම් අය සනසාලිමට කටයුතු කිරිම නොවේ.
අවංකවම පැය 8 ටම වැඩකරන නිළධාරියෙකු හට අවැඩක් සිදුව ඇත්තේ නම් ඔවුන් රැකිය යුත්තේමය. එසේ නොවන්නේ නම් මේ රට තුල යහපාලනය ස්ථාපිත කිරිමට අත්සන් තබා දුන් පොරොන්දු වෙනුවෙන් එදාටත් වඩා ශක්තිමත්ව බර  අඩි තබමින් ඉදිරියට යා යුතුව තිබේ..
එහෙත් අද මීගමුව සම්බන්ධයෙන් අපට වාර්ථා වන්නේ වෙනමම කරුණකි.
යහපාලනය මේ රටතුල ස්ථාපිත කිරිම සදහා වසර 2009 සිට මරණ තර්ජන මැද රට පනින්නේ නැතිව මැදහත්වු අපට අනුව නම් යහපාලන නායකයන් වැඩනොකරන තම සගයන්ගේ මනදොල සපුරාලිම යනු යහපාලනය පැත්තෙන් ගෙන බලන කළ එතරම් සෞඛ්‍ය සම්පන්න එකක් නොවන බව මෙහිලා ඉතා සහෝදරාත්මක සටහන් කළ යුතුමය.

අද මීගමුව රෝහල තුල පැවැති සාකච්ජාවේදී රෝහලේ දැවෙන ප්‍රශ්නය ලෙස  සලකා පිළිතුරු සපයා ඇත්තේ  බාහිර රෝගි ප්‍රතිකාර අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සිසිර නැමැත්තාගේ ස්ථාන මාරුව වෙනස් කර ගැනිම පමණකි.
එකක් නම් හරි පැහැදිලිය
එනම් සිසිරලා නියෝජනය කරන හෙද සංගමයට ඇත්තේ මීගමුව රෝහලට අදාලව  සිසිරගේ ස්ථාන මාරුව වැනි ප්‍රශ්ණයක්ය.

ඒ සිසිරලා සහ ඔවුන්ගේ වෘත්තිය සමිති නායකත්වය සිතන ආකාරය විය යුතුය.
, ඒ සදහා ඔවුන් අයිතියක් ඇත.

ඇතැම් විට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා සිතන්නේද එලෙසින්මදැයි අපට සිතේ.
එහෙත් යහපාලනය මේ රටතුල ස්ථාපිත කිරිම සදහා  කොන්දේසි විරහිතව පෙනි සිටින මීගමුවේ සැමට ඇත්තේ මේ රෝහල මේ කලාපයේ හොදම රෝහල කරගැනිමේ අරමුණයි.
ඒ අරමුණ තුල සිසිර යනු අළුතින් ස්ථාපිත බාහිර රෝගි අංශයේ ප්‍රධානියාගේ වගකිම් නිසි ලෙසින් ඉටුනොකරන අයෙක් නම් අප හෙට පෙළගැසෙන්නේ ඒ තනතුරුට සුදුසු අයෙකු පත්කරගැනිමටය .
රාජපපක්ෂ රෙජිමයේ භාවිතාවෙන් වෙනස්ව යහපාලනය ස්ථාපිත කළ හැක්කේ එවිට පමණි,
එදාටත් සමන් රත්නප්‍රිලා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද යන්න මත සැබෑ යහපාලනය පිළිබදව ලිට්මස් පරික්ෂණය සිදුකෙරණු ඇත.