ප්‍රජාතන්ත්‍රවාදි අරගල මඟහැරපු , සජිත් සමඟ සිවිල් සන්ධාන ?

0
156

මේ රටේ ගොඩනැගුණු දැවැන්තම සිවිල් සන්ධාන බහුජන එකමුතුව තමයි 2015 දි රාජපක්ෂලාව ගෙදර ඇරියේ .

ඒ කාලේ එජාපෙට පාරට බැහැල එලිමහනේ රැස්විමක් කරගන්න පුලුවන් කමක් නොතිබුන විදියට රාජපක්ෂලගේ මර්ධනය ක්‍රියාත්මක වුනා.

ලසන්තගේ මරණයෙන් පස්සේ සිවිල් සංවිධාන ,වෘත්තිය සමිති,මාධ්‍ය සංවිධාන ආගමික කණ්ඩායම් එකතුවෙලා නිදහසේ වේදිකාව හැදෙන්නේ.

Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

හැබැයි සජිත්වත් එයාගේ ගෝලයෝවත් මේ සිවිල් සංවිධාන එකතුමුතුවට හයිය දුන්නේ නැ.ඒ වෙනුවට එයාල කරේ කකුලෙන් ඇදල බාධා කරපු එක.

ඒ විතරක් නෙමේ අමුජාතිවාදි විදියට හැසිරෙන්න ගත්ත.කොටින්ම කියනවනම් මනෝගනේෂන්ව දකුණේ නිදහසේ වේදිකාවේ රැස්විම් වලට ගේන එකටත් සජිත් බර බරේ දාල තිබුන.

මේ ටික ලියන්න හිතුනේ සජිත් දැන් සිවිල් සන්ධාන එකතුවක් හදල කියල පහුගිය දවසක මාධ්‍ය වාර්ත කරල තිබුන නිසා.

සිරසේන රාජපක්ෂ ව්‍යවස්ථා කුමන්ත්‍රණය ආපස්සට හරවන්න පුලුවන් වුනේ ඒකට එරෙහිව පළල්ම ජනතා එකමුතුවක් හැදුන නිසා.

ඒ විතරක් නෙමෙයි 2018 රාජපක්ෂ ,මෛත්‍රී ව්‍යවස්ථා කුමන්ත්‍රණය වෙලාවේ ඒකට විරුද්ධව රනිල් බය නැතුව අරලියගහ මන්දිරය දාල යන්නේ නැතුව අල්ලන් හිටිය.

sdr

dav

විමල් විරවංශල එදා කිව්වේ රනිල්ව අරලියගහ මන්දිරෙන් කනින් ඇදල එලියට දානව කියල

මේ අභියෝගය එනකොට මේ මර්ධනය ක්‍රියාත්මක වෙනකොට සජිත් කොහෙද හිටියේ.

මේ දවස්වල සජිත්ට චරිත සහතික ලියන අජිත් පි පෙරේරල මුජබර්ල හොදටම දන්නව මේ පට්ට ඇත්ත ගැන.

සිරිසේනගේ ඔක්තෝබර් කුමන්ත්‍රණයට විරුද්ධව දැවැන්තම බහුජන වැඩපිලිවෙලක් නිර්මාණය වුනා.

අරගලය පෙරමුණු දෙකකින් ක්‍රියාත්මක වුනා.

පාර්ලිමේන්තුවේ ඇතුලෙත් ඉන් පිටතත් ශක්තිමත්ව  මේ වැඩේ ඉස්සරහට ගියා.දමිල මුස්ලිම් පක්ෂ නායකයෝ ලොකු මැදිහත්විම් කළා.

එදා සජිත් ⁣මේ බහුජන අරගලය මඟ ඇරියා.

අනික තමයි සජිත් ප්‍රේමදාසට දමිළ බස කතා කරන ජනයාගේ ප්‍රශ්ණය ගැන කිසිම සවේදි කමක් තිබුනේ නැ.

එයාගේ  මතවාදය පැහුනේ රාජපක්ෂලගේ මතවාදයට , කොටින්ම කියනවනම් එයා රාජපක්ෂ ඩුප්ලිකේට් එකක් වගෙයි.

මේ තිත්ත ඇත්ත,හකිම්ල මනෝල,සුමන්තිරන් ල හොදටම  දන්නවා.

ඉතින් මෙහෙම අගතිකාමි කෙනෙක් එක්ක සිවිල් සන්ධාන හදන්න යන අයට දෙයියන්ගේම පිහිටයි.