එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 70 වැනි උපන්දිනය අඟහරුවාදා වැල්වැටිතුරේ පිහිටි ඔහුගේ නිවසේදී සමරනු ලැබු බව උතුරේ මාධ්‍යවේදිහු පවසා සිටිති
හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සී.වී.ජේලිංගම් මහතා ඇතුළු ගම්වාසීහු එකතු වී කේක් කපා රසකැවිලි සහ තිළිණද පැමිණ සිටි පිරිසට ලබාදි ඇත
ඔහුගේ උපන්දිනය සැමරීම.වෙනුවෙන් ප්‍රභාකරන් ගේ ඡායාරූපය සහිත බැනරයක් ද මුද්‍රණය කර එහි ප්‍රදර්ශනය කර තිබුණද එහි පැමිණි වැල්වැටිතුරෙයි පොලිසිය දෙමළ ඊළාම් විමුක්ති කොටි නායක වී.ප්‍රභාකරන්ගේ ඡායාරූපය භාවිත කළ නොහැකි බවත් ඊට නීතියෙන් ඉඩක් නොමැති බවත් ප්‍රකාශ කරමින් එය ඉවත් කිරිමට කටයුතු කර තිබේ.
වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඔහුගේ නිවාස පරිශ්‍රය තුළ ළමුන් සහ මහජනතාව එක්ව පැළ 70ක් රෝපණය කිරීමද උත්සවයේ විශේෂත්වය විය.
මීට අමතරව සිසුන් 70 දෙනෙකු සඳහා අධ්‍යාපනික උපකරණ සහ පොල් පැළ 70ක් ද ප්‍රදානයක්ද සිදුකර තිබුණි.






