ප්‍රංශය හා ෆ්‍රෑන්ක්ෆර්ට් වෙත ගිය ශ්‍රී ලංකන් ගමන් නවතී.

0
103

images

මේ වසරේ ඔක්තෝම්බර් හා නෙවැම්බර් මාසයන්ගේ සිට ශ්‍රීලංකන් ගුවන් සේවය මේ දක්වා ප්‍රංශය හෙ ෆ්‍රෑන්ක්ෆර්ට් වෙත සිදුකරන ලද පියාසර කිරීම් නවතා දැමීමට තීරණය කල බව නිළ වශයෙන් දැනුම් දෙනු ලැබ තිබෙනවා. ඒ අනුව  ෆ්‍රෑන්ක්ෆර්ට් සිට කොළඹ දක්වා සිදුවන අවසාන ගුවන් ගමන (UL 553/554) ඔක්තෝම්බර් මස 30වන දි සිදුවීමට නියමිත අතර ,ප්‍රංශය හා කොළඹ දක්වා සිදුවීමට නියමිත අවසාන ගුවන් ගමන (UL 563/564) නොවැම්බර් මස 6වන දින සිදුවීමට නියමිතයි.

මේ තීරණය ගැනීමට හේතු පැහැදිලි කරන ඔවුන් පවසන්නේ මෙමගින් දිගින් දිගටම සිදුවන පාඩු වල අඩුවක් ඇතිවනු ඇති බවයි.පසුගිය කාලය තුල සිදුවූ ඉන්ධන මිල අඩුවීමත් සමග ගුවන් සේවයේ යම් ප්‍රගතියක් දැකගත හැකිවූවත් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ (2015/2016) වසරේ සිදුවූ ආදායම් පහල වැටීම නිසා එම වාසිය ගුවන් සේවයට අත් කර ගැනීමට නොහැකි වූ බවයි ඔවුන් පවසන්නේ. එලෙසම මැද පෙරදිග ගුවන් සේවාවන් විසින් කොළඹ වෙත පැමිණෙන ගුවන් ගමන් වල ධාරිතාවය වැඩි කිරීම හා යුරෝපය වෙත ගමන් ගන්නා ගුවන් ගමන් සදහා වන අයකිරීම් අඩු කිරීමත් සමගම යුරෝපීය ගුවන් ජාලය තුල අනෙකුත් ගුවන් ජාලයන්ට අමතරව බිදවැටීමක් දක්නට ඇති බවයි වාර්ථා වන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය දිනපතාම ඩෝහා සහ අබුඩාබි වෙත දිනපතාම ගුවන් ගමන් සිදුකරන හේතුවෙන් හා එතිහාඩ් හා කටාර් ගුවන් සේවාවන් සමග සමීප සම්බන්ධතාවයක් පවතින නිසාත් මෙරටින් පිටත් වන ගුවන් ගමන් එම ගුවන් සේවවාවන් හරහා යුරෝපීය ගමනාන්තයන් වෙත සම්බන්ධ කරනු ඇති බවත් ඔවුන් වැඩි දුරටත් සදහන් කර සිටිනවා.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ යුරෝපීය පිවිසුම ලෙස තවදුරටත් ලන්ඩන් පවතින අතර ඒ වෙත ගමන් කරන ගුවන් ගමන් වාර ප්‍රමාණය වැඩි කරමින් මගීන් වෙත වඩාත් සුවපහසු ගවන් අත්දැකීමක් ලබා දීමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු කරන බවත් ඔවුන් සදහන් කර තිබෙන අතර ඉන්දීය උප මහද්වීපික කලාපය, මැද පෙරදිග හා නැගෙනහිර කලාපයේ රටවල් තවදුරටත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ කේන්ද්‍රීය වෙළදපොල වනු ඇති බවත් පවසා තිබෙනවා.

 

www.colombogazette.com ඇසුරින් සකසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here