ප්‍රජාතන්ත්‍රවාදය කම්මුතුකරන්නෙක් මෙවර පොහොට්ටුවෙන් ජනපති තරඟයට ?

0
85

B37A1503TT meeting 3පසුගිය වසර කිහිපය තුල රටේ විශාල සංවර්ධනයක් සිදුකිරීමට අපේ ආණ්ඩුවට හැකි වුණා.
නව යුගයක් කරා රට ගෙන යාම අපේ අරමුණයි.
අද රටට හොඳ පිළිගැනීමක් තිබෙනවා.
අප සිදුකළ මෙම වැඩකටයුතු වලින් රටට අනාගතයක් තිබෙනවා නම් ඔබට අනාගතයක් තිබෙනවා නම් රටේ අනාගතය ආරක්ෂා කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.
පොදුජන පෙරමුණ පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා (Terminator) ටර්මිනේටර්වරයෙක් හෙවත් කම්මුතු කරන්නෙක් බව බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කර තිබෙනවා.
එවැනි කම්මුතු කරන්නෙකු බලයට පැමිණියොත් ආර්ථිකය කම්මුතුයි..

සංවර්ධනය කම්මුතුයි.
ප්‍රජාතන්ත්‍රවාදය කම්මුතුයි.
මාධ්‍ය නිදහස කම්මුතුයි.
ස්වාධීන අධිකරණය කම්මුතුයි.
නිදහස් අධ්‍යාපනය කම්මුතුයි.
නගර දියුණුව කම්මුතුයි,
සෞඛ්‍ය ක්ෂේත්‍රය කම්මුතුයි.

එහෙම නම් රට බාරදෙන්නේ මෙවැනි කම්මුතු කරන්නෙක්ට ද කියා මා ජනතාවගෙන් විමසා සිටිනවා.

අද පොහොට්ටු පක්ෂයට මාධ්‍යයෙන් විශාල සහයෝගයක් ලබා දෙනවා.
නමුත් මා මාධ්‍යයෙන් විමසා සිටින්නේ මාධ්‍ය නිදහස කම්මුතු කරන්නෙකුට රට භාර දෙනවාද කියායි.
මට මාධ්‍යයෙන් බණින ආකාරයට කම්මුතුකාරයෙකුට බැනිය හැකිද?
එහෙම වුනොත් ඔබට අද ලබාදී තිබෙන නිදහස කුමක් වේද?
ඔබේ ජීවිතය හා මේ රටේ අනාගතය ඔබ කම්මුතු කරනවාද?

-අරලියගහ මන්දිරයේදී අද (09) දින පැවති කොළඹ, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගේ හමුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර තිබේ.