ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නම්, ජනමාධ්‍යවේදීන්ට කළ තර්ජනය ඉල්ලා අස්කරගන්න

0
51

ranilප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නම්,ජනමාධ්‍යවේදීන්ට කළ තර්ජනය ඉල්ලා අස්කරගන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙරට මාධ්‍යවේදීන්ට බලපෑම් කිරීම පිළිබඳ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අඳහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ය.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුව පරීක්ෂණයක් සිදු කරන්නේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මර්ක්කාර් මහතා එහිදී ප්‍රශ්න කර සිටියේ ය.

එයට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය,
නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රයේ කර්තෘ ප්‍රකාශ කර තිබෙනවා, මාධ්‍යවේදීන්ට තර්ජනය කර තිබෙන බව. එය හොඳ නෑ. මාධ්‍යවේදී එක්නැලිගොඩ මැරුවා,ලසන්ත වික්‍රමතුංග මැරුවා, කීත් නොයාර්ට ගැහුවා, උපාලි තෙන්නකෝන්ට
ගැහුවා, දැන් විපක්ෂයේ ඉදගෙන ගහනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නම්, ජනමාධ්‍යවේදීන්ට කළ තර්ජනය ඉල්ලා අස්කරගන්න යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවට එක්වෙමින් අද (4) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.


news.lk