ප්‍රජාතන්ත්‍රවාදය ගැන බණ කියන මෛත්‍රිගේ ගෝලයා මිගමුවේ බදුගෙවන ජනයාව පාවා දෙයි !

0
39

dayan( 8.30 am ) රටපාලනය ගැනත් ප්‍රජාතන්ත්‍රවාදය ගැනත් එජාපයටත් රනිල්ටත් පාඩම් කියා දෙන්න යන එක්සත් ජාතික පෙරමුණේ මෛත්‍රි ගුණරත්නගේ මිගමු ගෝලයා වන ඡන්ද 19 යේ කෙහෙල් ඇවරි මන්ත්‍රි ඩෙක්ස්ටර් විසින් මීගමුවේ බදුගෙවන ජනයාව ඉතාමත් නිර්ලජ්ජිත ලෙසින් පවා දි තිබේ.
ඒ ඊයේ පැවැති මීගමුව මහනගර සභා මාසික රැස්විමේදිය.
ලංසා පවුලේ මිගමු දේශපාලනය යනු තාත්තාගේ විනෝදාංශය සදහා රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් හම්බකරගැනිමට ඉඩලබාදෙන බිච් පාක් එක කෙසේ හෝ ලබාගැනිමය.
ඒ සදහා නිමල් ලංසා විසින් ඉතා සියුම් ලෙසින් සැලසුම් කොට එයට එරෙහිව එල්ල වන විරෝධතා වෙනතකට හරවා බදුගෙවන ජනයාව පාවා දිම සදහා ඊයේ දිනයේ යොදාගෙන තිබුණෙ මෛත්‍රිගේ ගෝල මන්ත්‍රිවරයාවය.
බිච් පාක් එක පිළිබදව අයිතමය අංක එකටම ගනිමින් කෙසෙල් ඇවරි මන්ත්‍රිවරයා කියා තිබුනේ තමන් වසර 5 කට බිච් පාක් එක බදුදිම සදහා විරුද්ධ බවත් වසරක් සදහා පමණක් දිමට එකග බවත්ය.
නිමල් ලංසාගේ කූට සැලසුම් ප්‍රකාරව නගරාධිපති දයාන් ලංසාද කියා තිබුනේ තමන්ද වසර 5 ක් සදහා බිච් පාක් එක ලබාදිමට විරුද්ධ බවය.එසේ නම් වසර 5 ක් සදහා ඉල්ලන යෝජනාවක් නගර සභාවට ගෙනආවේ ඇයිදැයි මේ බබා නගරාධිපති කියා තිබුනේ නැත )
මේ අනුව කපටි ලංසාලාගේ ගුලිය ගිලපු කෙහෙල් ඇවරි මන්ත්‍රිවරයාගේ කපටි ඇරයුමෙන් කෙසේ හෝ ටෙන්ඩර් නොකරම 10% ක් ලබන වසර සදහා වැඩිකරමින් මෙවරද පිලේන්ද්‍රන් ලංසා හෙවත් මිගමුවේ ගෝඩ් පාදර් හට මිගමුවේ මහනගර සභාවෙ බදුගෙවන ජනයාට වැඩිම ආදයම් උපයා ගැනිමට හැකි අනර්ඝම සම්පත බදු දි තිබේ.
අපට දැන් මෛත්‍රි ගුණරත්නගෙන් අසන්නට වන්නේ ඔබට දැන් සතුටුදැයි කියාය.
රනිල් ට  රාජ්‍ය පාලනය ගැනත් වංචා දුෂණය ගැනත් තව්සන් ටෝකස් ඇදබාන මෛත්‍රි දැන් ගල උඩ කැත තළ බළලාගේ තත්වයට පත්ව තිබේ.