ප්‍රදේශයේ ලොකුම සම්පත කලපුවයි. සියළු දෙනා එකතුවී එය රැක ගතයුතුයි.

0
91
protest in lagoon
මහා තෙප්පම් - මීගමුව කලපුව
මහා තෙප්පම් – මීගමුව කලපුව

(12.26pm) මීගමුව ප්‍රදේශයේ කරවල වාඩි නිසා පරිසරයට සිදුවන හානිය පිළිබඳව පිටිපන ගම්වාසීන් වෙනුවෙන් දුන්ගාල්පිටිය පොලීසිය ඉදිරිපත් කර ඇති නඩුව ඊයේට

( 27) විභාගයට ගත් අවස්ථාවේදී  විනිසුරුවරිය එසේ පවසන ලදී .මෙම අවස්ථාවට පැමිණිල්ල  වෙනුවෙන් නීතීඥ ඉන්දික සිල්වා මහතාද විත්තිය වෙනුවෙන් වරුණ චන්ද්‍රනාත් මහතාද පෙනීසිටි අතර ගම්වාසීන් විශාල පිරිසක් පැමිණ සිටිනු දැකිය හැකි විය.

ඔහු එසේ ප්‍රකාශකළේ මීට පෙර මෙම නඩුව පවරා තිබුනේ මහජන පරීක්ෂකවරුන් මගින් මීගමුව මහ නගරසභාව විසින් වීමයි. මෙවර එම නඩුවම විභාග කෙරෙනුයේ දුන්ගාල්පිටිය පොලීසිය විසින්ය

මෙහිදී කරවල මුදලාලිලා වෙනුවෙන් අදහස් දැක්වූ වරුණ මහතා ප්‍රකාශකළේ කළින් පවරා ඇති නඩුවේදී අවශ්‍ය ප්‍රමිතියක් මත වාඩිවල කටයුතු සිදුවූ බව පැහැදිලි කර තිබියදී දෙවනුව නඩුවක් පැවරීම ප්‍රශ්ණයක් බවයි.

මෙම නඩු වාරයේදීද විත්තිය වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥ වරුණ මහතා අදහස් ප්‍රකාශකළේ කලින් නඩුවාරයේදී කියනලද කරුණු සනාථ කිරීමට අදාලවය . නමුත් ගම්වාසීන් වෙනුවෙන් කරුණු පැහැදිලි කළ ඉන්දික මහතා කුණු මාළු නිසා තියෙන ගඳ සහ කලපුවට අපද්‍රව්‍ය බැහැර කිරීමේ කිසිදු වෙනසක් නැති බවයි. දෙපාර්ශවයෙන්ම පින්තූරද පෙන්වා අදහස් දැක්වූ අතර ගම්වාසීන් වෙනුවෙන් සුරංග මහතා සිදුවන පාරිසරික හානිය පමණක් නොව මෙම කරවල වාඩි වල වැඩකරන අයගේ නොමනා හැසිරීම් ගැනද කරුණු දක්වා සිටියේ හැඟීම් බරවය.

මේ අතර මෙහි තත්වය විමසා බැලීමට පැමිණෙන ලෙස විනිසුරු තුමියට විත්තිය වෙනුවෙන් වරුණ නීතීඥ මහතා ආරාධනාවක්ද කරන ලදී . දෙපාර්ශවයේ අදහස් දැක්වීමෙන් පසුව විනිසුරු තුමිය අදහස් දක්වමින් ප්‍රකාශකළේ කරවල කර්මාන්තය මීගමුවට අවශ්‍ය කර්මාන්තයක් බවත් , ඒනිසා රැකියා අවස්ථා නිර්මාණය වන බවත් , කෑම සඳහා ආහාරයක් ලැබෙන බවත් පෙන්වා දෙන ලදී. නමුත් අනෙක් පැත්තෙන් කලපුව යනු ප්‍රදේශයේ ප්‍රධාන සම්පත බැවින් එය රැකගැනීම සියළු දෙනාගේ වගකීමක් බවත් පෙන්වා දෙනලදී.

අවසානයේදී මේ පිළිබඳව ග්‍රාම නිලධාරී , මධ්‍යම පරිසර අධිකාරිය , පොලීසිය , වෙරළ සංරක්ෂණය , යන සියළු පරීක්ෂණ වාර්තා විමසා බලා තීන්දුවක් දෙනබව ප්‍රකාශ කළ අතර මීලඟ නඩු වාරය 9 මස 24 වන දින දක්වා කල් තබන ලදී .