ප්‍රදේශීය මන්ත්‍රීවරුන්ටත් විශ්‍රාම වැටුප් ඕනේලු..

0
100

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර පහක් පාර්ලිමේන්තුවේ සිටි විට විශ්‍රාම වැටුප ලැබෙන බවත්, ප්‍රාදේශීය දේශපාලනඥයන් ජීවිත කාලයම දේශපාලනය වෙනුවෙන් වැය කළත් අවසානයේදී ඔවුන්ට ඉතිරි වන්නේ කනගාටුවක් පමණක් බවත් සදහන් කරමින් කහවත්ත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ශාන්ත ගුරුගේ මහතා ඉල්ලා ඇත්තේ ප්‍රාදේශීය සභාවට දෙවතාවක් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදෙන ලෙසටයි.

ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ මෙම මස මාසික මහා සභා වාරය අවස්ථාවේදී නව යෝජනාවක් ඉදිරිපත් කරමිනි.‍

එලෙසම හදිසි අනතුරුවලදී හා ස්වභාවිකව සිදුවන අසනීප අවස්ථාවලදී රක්ෂණයක් ලබාදෙන්නයැයිද ඒ යොජනාවට ඇතුලත් බව වාර්ථා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here