ප්‍රධාන ඇලක් හරහා පුද්ගලික ඉඩමකට නීති විරෝධි ලෙස පාලමක් දාගන්න නගරාධිපති දයාන් අවසර දිලා ?

0
157

IMG_20200827_170246ලංකාවේ දූෂිතම මහනගර සභාව යැයි සඳහන් කළ අප එහිදි කියා සිටියේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරය විසින් ලංකාවේ දුෂිතම නගරාධිපතිවරයා වන දයාන් ලංසාට එරෙහිවද පියවර ගත යුතු බවය.
ඒ පුවත පළ කොට යන්තම් දින 2 කක් ගියා පමණි.
තවත් අති දැවැන්ත දුෂණයක් ගැන පෙරියමුල්ලේ පුවක් ප්‍රදේශවාසින් විසින් මිපුර වෙබ් අඩවිය දැනුවත් කර සිටියේය.
මෙවර නීති විරෝධි අයුරින් මහනගර සභාවේ කිසිදු අවසරයකින් තොරව තනිකරම හිතුවක්කාරි ලෙසින් ඇල මාර්ගයක් හරහා දැවැන්ත පාලමක් පුද්ගලික ඉඩමකට දාගැනිම සදහා නගරාධිපති දයාන් ලංසා විසින් අවසර දි ඇත.
මෙසේ දැනටමත් ඉඳිකරමින් ඇති මේ පාලම නිසා පුවක්වත්ත ප්‍රදේශයේ නිවාස ගණනාවක් පසුගිය කාලය තුල ජලයෙන් යටවි තිබේ.
මේ ගැන විමසිම සදහා මිපුර වෙබ් අඩවියේ මුලිකත්වයෙන් තවත් මාධ්‍ය ආයතන කිපයකම මාධ්‍යවේදින් මෙම ස්ථානයට ගිය අවස්ථාවේදි එහි පැමිණි මේ නීති විරෝධි පාලම  ඉදිකරන ඉඩමේ හිමිකාරිය කියා සිටියේ මේ පාලම ඉදිකිරිම සදහා නාගරාධිපති දයාන් ලංසා සහ මිගමුවේ කුප්‍රකටම දුෂිත තාක්ෂණික නිළධාරියා වන රන්මුතු නැමැත්තා විසින් අවසර ලබා දි ඇති බවය.

එක නගර සභාවක් ! නීති දෙකක් !


එහෙත් අප මේ පිළිබදව ප්‍රදේශය බාර තාක්ෂණික නිළධාරිණිය වන දිනිති මහත්මියගෙන් මේ නිති විරෝධි පාලම ගැන විමසා සිටි අවස්ථාවේදි ඇය කියා සිටියේ අදාල පාර්ශය විසින් කිසිදු අවසරයක් මේ සම්බන්ධයෙන් ගෙන නැති බවය.
පසුව ටික වේලාවකින් එතනට පැමිණි ඇය අදාල ඉඩම් හිමිකාරිණියට කියා සිටියේ මේ නිති විරෝධි කටයුත්ත වහාම නවතා දමන ලෙසය.
එක රටක් එක නීතියක් යැයි ජනපති ගෝඨා විසින් රටටම කියද්දි මීගමුවේ තවමත් ක්‍රියාත්මක වන්නේ එක මහනගර සභාවක් නීති දෙකක් යන සංකල්පයයි
වාර්ථා වන අන්දමට මෙම නීති විරෝධි පාලම ඉදිකරමින් සිටින්නේ පසුගිය වෙසක් පෝය දිනයේ සුනඛයෙකු වෙඩිතබා ඝාතනය කළා යැයි චෝදනා ලැබ සිටින විශ්‍රාමික  පොලිස් අධිකාරිවරයා බවය