ප්‍රධාන පුරවැසියාගේ අදූරදර්ශී නගර පාලනයේ ප්‍රතිපල භුක්ති විදින අසරණ මීගමු පුරවැසියෝ…

0
45

Kamachchi amman kovi

(9.06am)මීගමු නගරයේ   නිසි  ඉඩම්  ප්‍රතිපත්තියක්   නැත.  එනිසාම   මතුවඇති   ප්‍රශ්ණ  රාශියක්  නිසා  නගරය    පීඩාවට  පත්වඇත.
බහුතර  ජනතාව  මත  පැටවීඇති   මෙම  ප්‍රශ්ණ   පිළිබදව  වගකිවයුත්තන්ට   වගේවගක් නැත.  අප  උදාහරණයක්  ලෙස  ගන්නේ  කාමච්චෝඩය  ප්‍රදේශයයි.  මෙම ප්‍රදේශයට  මාතෘසායනයක්   නැත. මෙය ඔවුන්  කලක  සිට   ඉල්ලති.  දරුවන්ට   සෙල්ලම්   කරන්නට  පිට්ටනියක්   නැත.  පිට්ටනියක් ඉල්ලති.  මෙහි  ජීවත්වන   පවුල්  සංඛ්‍යාව   650 ක් පමණවේ.   ජනගහනය  2500ක් පමණය. උසාවිය, බන්ධනාගාරය  , ලෙල්ලම,  පොළ,  යන   ප්‍රධාන  ආයතන පිහිටා ඇති මෙහි  මුළු  ඉඩම්  ප්‍රමාණය   වර්ග  කිලෝ මීටර්  2ක්  පමණවේ.
නමුත්   මෙම  ප්‍රදේශවාසීන්ට  ජීවත්වීමට   ඇත්තේ  කුඩා  බිම්  ප්‍රදේශයකි.  කාමච්චෝඩය   පොළ  අසල  සිටින  ජනතාව   ඉහත සදහන් කල  ඉල්ලීම්  කළද   එම ප්‍රශ්නයට  විසඳුමක්  නැත. ඔවන්   ඉදිරිපිට   තාප්ප  වලින්   වටකරන  ලද  විශාල  භූමි භාගයකින්  සැදුම්ලත්   පිට්ටනියක්   ඇති  නමුත්  එහි  සෙල්ලම්  කිරීමට  මෙම ප්‍රදේශයේ  දරුවන්ට  අයිතියක්  නැත.  මේ  ප්‍රදේශයේ   පැරණි   ගොඩනැගිලි  දෙකක් ඇත. එකක්   පිට්ටනිය   තුලය.   මින්   වැඩි  ප්‍රයෝජන   ලබන්නේ   ගංජා  සහ  කුඩුකාරයින්  බව   ප්‍රදේශවාසීන්  පවසති.  අනෙක්  ගොඩනැගිල්ල   ඇත්තේ   පොළ  අසලය.   මෙම  ගොඩනැගිල්ලද    ඉහත  සදහන් කළ   ගොනැගිල්ල සේමය.  එය   ජරාවාස වීඇත.

ගර්භනී   මාතාවන්   සායනයක්   නැති නිසා   සැතපුම්   ගනනක්   දුර ගෙවා  කුඩාපාඩුව   සායනයට   යායුතුය.  නගරසභාවේ   පාලනයේ   එක්  වකවානුවක්     තුළ    තීන්දු  තීරණ  ගත්තේ  තමන්ගේ   ඇගේ   හයිය මතය.  මෙම ජනතාව  භුක්තිවිදින්නේ   එම අදූරදර්ශී    තීරණවල   ප්‍රතිඵලයන්ය.  මෙවර    පැවැත්වෙන   නගර සභාවට   නියෝජිතයින්   තෝරන   මැතිවරණයෙන්   පසු   ප්‍රශ්ණය  විසදෙනු   ඇතැයි  මෙම  ජනතාව  බලා සිටිති.  අපි ද   එලෙසම   බලාසිටිනවා   හැර  වෙන  විකල්පයක්  නැත.DSC_0019new DSC_0021new

සැම්සන් ඥානසිරි