ප්‍රමිතියෙන් තොර LED විදුලි පහන් විකිණිම තහනම් කෙරේ !

0
380

led-webඑල්.ඊ.ඩී. විදුලි පහන් යැයි කියමින් විවිධ මිළ ගණන් යටතේ විවිධ තැන්වල දැනටමත් අලෙවිය කරමින් ඇති විදුලි පහන් වල ප්‍රමිතිය පිළිබදව බරපතල ගැටලු මතුව තිබේ.එහෙත් ඒ ගැන නිසි අවබෝධයක් නැති පාරිහෝගිකයෝ අඩුමිළට ඇති තැන්වලින් මිළට ගැනිමටද පුරුදුව සිටිති.ඔවුන් සිතන්නේ ඒවා සියල්ල ප්‍රමිතියෙන් යුත් එල්.ඊ.ඩී. විදුලි පහන් යැයි කියාය.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS සහතිකය නොමැති සහ බලශක්ති කාර්ය සාධන ප්‍රමිතිවලට අනුකූල නොවන එල්.ඊ.ඩී. විදුලි පහන් මෙරටට ආනයනය කිරීම හෝ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම තහනම් කර ඇතැයි අරුණ වෙබ් අඩවිය සදහන් කර තිබේත

අදාළ ප්‍රමිතීන්වලට අනුකූලව යම් එල්.ඊ.ඩී. විදුලි පහනක් මෙරට තුළ නිපදවීම හෝ මෙරටට ගෙන්වීම සිදු කරන්නේ නම් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනත යටතේ නියම කර ඇති ආකෘතිය, මිණුම් සහ ප්‍රමාණයට අනුකූල වන ලෙස බලශක්ති කාර්ය සාධන ලේබලයක් අදාළ විදුලි පහන අසුරා ඇති දවටනයේ හෝ පෙට්ටියේ අලවා තැබිය යුතුය යැයි තවදුරටත් එහි සදහන්ය.

එමෙන්ම නියමිත ලේබලය කවරයෙහි, දවටනයේ හෝ පෙට්ටියේ අලවා නොමැති එල්.ඊ.ඩී. විදුලි පහන් ගබඩා කිරීම, ප්‍රදර්ශනය කිරීම, තොග හෝ සිල්ලර වශයෙන් විකිණීම හෝ බෙදාහැරීම සිදු නොකළ යුතු බවට නීති පනවා ඇත.

මේ පිළිබඳ විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා විසින් පසුගියදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත..
මුලාශ්‍රය – අරුණ