ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැදුනුම් පත තිබු පමණින් ඔහු සැබෑ මාධ්‍යවේදියෙක්ද ?

0
102

Cartoon-Of-A-Reporter-Boy-Taking-Notes-Royalty-Free-Vector-Clipart-10241157339පසුගිය කාලය තුල රටතුල ඇරඹි ප්‍රජාතන්ත්‍රවාදි විරෝධි කුමන්ත්‍රණයත් සමගින් රටේ මාධ්‍යවේදින්ගේ භුමිකාව ගැනද පුළුල් සංවාදයක් රටතුල මතුව තිබුණි.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැදුනුම් පත තිබුණ පමණමින් ඔහු හෝ ඇය මාධ්‍යවේදියෙකු නොවන බව මේ සංවාදයන් වලදි නිරන්තරයෙන්ම අවධාරණයට ලක්වෙමින් තිබේ.
මේ අතර මිගමුවේ ඇතැම් මාධ්‍යවේදින්ගේ අචාරධර්ම විරෝධි ක්‍රියාකාරිත්වයන් ගැනද දැන් කාලයක පටන් මිගමුව තුල පුළුල් සංවාදයක් මතුව තිබේ.
මේ ඇතමේකු පුවත් ලියන්නට මෙන්ම පුවත් නොලියා සිටිමටද මුදල් ගන්නා අන්දම ගැනත් මෙහිදි නිතර කතා බහට ලක්ව තිබේ.
මේ නිසාම ඉදිරියේදි මාධ්‍ය හැදුනම් පත නිකුත් කිරිමේදි විශේෂ නිර්ණායක කිපයක් ඉදිරිපත් කිරිමට නියමිතය.
මෙහිදි වෘත්තියභාවය මුලික සුදුසුකම වන අතර  ත්‍රිරෝද රථ රැකියාව කරමින් සිටි අය  මෙන්ම ඉඩම් බ්‍රොකර්ලාද මාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණිම හේතුවෙන් මතුව ඇති අර්බුද රැසක් දැන් මිගමුව තුල දි අපි ඇස් පනා පිටම අත්දකිමින් සිටිමු.
මෙවන් අයගෙන් මාධ්‍ය ක්ෂේත්‍රයම හෑල්ලුවට ලක්වෙමින් ඇති අයුරු ගැන අප දිනපතා අත්දැකම් ලබමින් සිටින්නෙමු.