ප්‍රවෘත්ති හොරකම් කිරිමේ අළුත්ම කලාව…..

0
105

මීපුර වෙබ් අඩවිය ක්‍රියාත්මක වන්නේ පුරවැසි මාධ්‍යකරණය පදනම කොට ගෙනය. අප විශ්වාස කරන්නේ  සියළු පුරවැසියන් මාධ්‍යකරුවන් යැයි  කියාය.  මේ නිසාම අප විශේෂයෙන්ම මීගමුව පුරා විවිධ ක්ෂේත්‍ර හරහා පුරවැසි  සම්බන්ධතා ජාලයක් ගොඩනගා ගෙන ඇත. එකී ජාලය  ඉහල පෙලේ වෘත්තිකයන් මෙන්ම රෝහල්වල සිටින සුළු සේවකයන් දක්වා පරාසයක පැතිර ගොස් තිබේ.
වෙබ් අඩවිය ඔස්සේ දිනපතා පළකෙරෙන පුවත් යනු මේ ජාලයේ සිටින අයගේ විවිධ වු දායකත්වයන්ගේ ප්‍රථිපලය.
යමෙක් ඒ  පුවත් සදහා නිසි වටිනාකම් නොදි මාධ්‍ය සදාචාරයේ අවම කොන්දේසි පවා පිළිනොපදිමින් හොරකම් කරන්ෙන් නම් ඔවුන් සොරකම් කරන්නේ අප වෙබ් අඩවියේ ඇති පුවතක් පමණක් නොව ඒ පුවත මේ දක්වා එන්නට විවිධආකාරයෙන් දායකවුවන්ගේ ශ්‍රමයයි.
සතියක් ඇතුලත පුවත් සොරකම් කරන වෙබ් අඩවි ගැන දෙවන ලිපියත් ලියන්නට සිදුවිමෙන්  පෙනි යන්නේ අද ලංකාෙව් ක්‍රියාත්මක වෙබ් කලාව පත්ව ඇති යථාර්ථයයි.
යමෙක් මේ පිළිබදව නිසි අධ්‍යයනයක් කරන්නේ නම් පෙනි යන්නේ ඇත්තටම මහන්සි වි ලිපි හෝ පුවත් පළකරන වෙබ් අඩවි ඇත්තේ ඉතාමත් අතලොස්සක් බවය. බොහොමයක් ඇත්තේ මෙසේ මහන්සි වි පළ කරන පුවත් copy and paste කරන වෙබ් මාෆියාකරුවන්ය.
මේ අතැමෙක් මුල් පුවත එලෙසින්ම පළකරන්නේ එය උපුටා ගත්තේ කොහෙන්දැයි කිසිදු සදහනක් නොකරමිනි.
දැන් තවත් කලාවක් බිහිවි ඇත.
එනම් මුල් පුවත හෝ නිමිති කරුණු ඇතැම් ජේද එහෙම පිටින්ම ගෙන තවත් සංඛ්‍යා ලේඛන හෝ වෙනත් ආලවට්ටම් කිපයක් යොදා තමන්ගේ පුවතක් ලෙසින් පළ කිරිමයි.
අද අප හෙළිකර සිටින්නේ මෙලෙස අප මාධ්‍යයේ  පුවත් 2 කක් මේ අලුත් කලාව ඔස්සේ හොරකම් කළ ආකාරය ගැනය.

මීගමුව රෝහලේ ළමා වාට්ටුවට ඌව මහ ඇමතිගේ පුතෙකු ගෙන ඒම පිලිබදව පුවත් හා බැදුන පුවත් කිපයක්ම  මුලින්ම හෙළිකළ එකම මාධ්‍ය වුයේ අපය. පසුව අප උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය මේ ගැන පුවත පළ කර  තිබුණි.
එහෙත් .Theindepedent.lk වෙබ් අඩවිය. අප පළ කළ දෙවෙනි පුවත ද කිසිදු හිරිකිතයකින් තොරව මුල මැද අග වෙනස් කරමින් පළකලේය.
ඩෙංගු අවධානම සහ රජය එයත් සමගින් කරන සෙල්ලම හෙළිදරව් කළ යුතුය. ඒ සදහා අපගේ මුලාශ්‍ර පාදක කරගැනිම ගැන කිසිදු විරෝධයක් නැත. කළ  යුතුව ඇත්තේ එකි ප්‍රධාන මුලාශ්‍රය තමන්ගේ නොවන්නේ නම් ඒ ආදල මුලාශ්‍රයේ  මුල් අයිතිකරු පිළිබදව සදහන් කිරිමය.
එය ලැජ්ජාවන්ට කරුණක් නොවේ. මාධ්‍ය සදාචාරයයි.
අපගේ පාඨකයාගේ දැනගැනිම සදහා අප අපගේ මුල් පුවතත් Theindepedent.lk වෙබ් අඩවිය විසින් පළ කරඇති පුවතත් පහතින් පළකරමු.

මීපුර වෙබ් අඩවියේ මැයි 27 වනදා පළවු මුල් පුවත

රාජපක්ෂ පරපුරට එල්ලවු මාරාන්තික ඩෙංගු අභියෝගය ? දරුවා තවමත් රෝහලේ..

රටපුරා  ඩෙංගු යළිත් හිස ඔසවන තත්වයක් උදාවි ඇතැයි මේ දිනවල මාධ්‍ය වාර්ථා විසින් හෙළිදරව් කරමින් තිබේ.
එසේ සිදුවන හැම අවස්ථාවකම පෝස්ටර් වලින් ඩෙංගු මර්ධනයට වැඩි දෙනෙක් මහන්සි වනු දකින අතර රටපුරා ක්‍රියාත්මක කළ යුතු ජාතික සැලැස්මක් මේ රජයට ඇතැයි අපට නම් නොපෙනේ.
රජයේ සහ පුද්ගලික අංශයේ සුපිරි ගනයේ රෝහල් බොහොමයක් තිබියදි රාජපක්ෂ පරපුරේ මාරාන්තික ඩෙංගු අවධානමකට ලක්වු දරුවෙකු රැගෙන ආවේ මීගමුව රෝහලටය.
මේ සටහන තැබෙන මොහොතේදි ඌව මහඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ දරුවා මීගමුව රෝහලේ 8 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.
පසුගිය කාලය තුල මීගමුව රෝහල සම්බන්ධයෙන් මතුව තිබු අර්බුද හමුවේ මීගමුව සහ අවට ජනයා කියන්නට පුරුදුව සිටියේ අම්මෝ මීගමුවට නම් යන්න එපා රාගමට හෝ කොළඹට රැගෙන යන ලෙසය.
වෛද්‍ය නොසැලකිල්ල අරභයා සිදුව තිබු ප්‍රශ්ණ හේතුකොටගෙන මේ ආකල්ප ඒ ජනයා තුල පැතිර තිබුණා වන්නට පුළුවන.
එහෙත් ශ්‍රි ලංකා රජයේ කථානායකවරයාගේ මුණුබුරා රැගෙන ආවේ මීගමුව රෝහලේ ළමා වාට්ටුවටය.
ඒ ඇයි???
හේතුව වන්නේ මීගමුව ළමා වාට්ටුවේ සිටින විශේෂඥ වෛද්‍ය ලක්කුමාර මහතා ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරිම සම්බන්ධයෙන් තායිලන්තයට ගොස් විශේෂඥ පුහුණුවක් ලැබු ශ්‍රි ලංකාවේ සිටින වෛද්‍යවරුන්ගෙන් එක් අයෙකු විමයි.
ඩෙංගු පාලනය කිරිම සම්බන්ධයෙන් ප්‍රවර්ධනය කළ යුතු ජාතික වැඩපිළිවෙලකදි මෙවන් විශේෂඥ පුහුණු තව තවත් වැඩිකිරිමේ ඇති වැදගත්කම  රාජපක්ෂ පාලනයට දැන්වත් තේරුම් යා යුතුව ඇත.
එසේ කරන්නට නම් සෞඛ්‍ය වෙනුවෙන්  සිදුකල යුතු වැය වැඩිකළ යුතව ඇත.
එපමණක් නොව ඩෙංගු මර්ධනය කිරිම සදහා යෙදිය යුතු ප්‍රතිකර්ම ලැබෙන කොමිස් කුට්ටිෙය් ප්‍රමාණය මත නොව ඒ නිෂ්පාදනයේ ඇති ගුණත්වය සහ රටට එහි ඇති වැදගත්කම මත තින්දු කළ යුතුව තිබේ.
ඩෙංගු රෝගය වැළදුන පවුල් වල අය මුහුණ දෙන ඒ මාරාන්තික ජිවිත අවදානම අත්විදින්නට සිදුවු පාලකයන් ඩෙංගු මර්ධනය කිරිම සදහා වු   සුදුසුම වැඩපිළිවෙලට දැන්වත්් යා යුතු නොවන්නේද???

 

මැයි 28 වනදා  Theindepedent.lk විසින් වාර්ථා කර තිබුන අයුරු…පහතින් පළවේ.

 

රාජපක්ෂලාට විද්ද ඩෙංගු මදුරුවා මට්ටු වෙයිද?

– ඩෙංගු රෝගය වැළදුන ඌව මහඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ දරුවා මීගමුව රෝහලට ඇතුලත් කර ඇත්තේ එම රෝහලේ ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීම සදහා තායිලන්තයෙන් පුහුණුව ලත් විශේෂඥ වෛද්‍යවරයෙකු සිටින නිසා බැවින් බව වාර්තා වෙයි. මීගමුව ළමා වාට්ටුවේ සිටින විශේෂඥ වෛද්‍ය ලක්කුමාර මහතා ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරිම සම්බන්ධයෙන් තායිලන්තයට ගොස් විශේෂඥ පුහුණුවක් ලැබු ශ්‍රි ලංකාවේ සිටින වෛද්‍යවරුන්ගෙන් එක් අයෙකු වෙයි.මේ නිසාම කොළඹ සුපිරි පෞද්ගලික රෝහල් පසුකර ශෂින්ද්‍ර කුමාර රාජපක්ෂගේ පුතා මීගමුව රෝහලේ 8 වෙනි වාට්ටුවට ඇතුළත් කර තිබේ.
මෙම සිද්ධිය මගින්වත් ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීම සදහා විශේෂ පුහුණුවක් ලැබු විශේෂඥයින් තවතවත් අවශ්‍ය බව රාජපක්ෂ පාලනය විසින් වටහා ගත යුතුව තිබේ. එසේ සිදුකිරීමට නම් සෞඛ්‍යයට කරන ප්‍රතිපාදන වෙන් කිරීම් තවත් වැඩි කළ යුතුය. එපමණක් නොව ඩෙංගු මර්ධනය කිරිම සදහා යෙදිය යුතු ප්‍රතිකර්ම ලැබෙන කොමිස් කුට්ටියේ ප්‍රමාණය මත නොව ඒ නිෂ්පාදනයේ ඇති ගුණත්වය සහ රටට එහි ඇති වැදගත්කම මත තින්දු කළ යුතුව තිබේ. කොමිස් වැඩි වැඩියෙන් ලැබෙන පලකට නැති වරාය,සහ ගුවන් තොටුපල මෙන්ම ගුවන් සේවා සදහාද වැයකෙරෙන මුදල්වලින් කොටසක් මෙරට සෞඛ්‍ය සේවාව සදහා වැයකළ යුතු බවට වත්මන් පාලනයට ඒත්තු ගැන්වීමට මෙන් ඩෙංගු මදුරුවා රාජපක්ෂ පරපුරට විද තිබේ.

ඩෙංගු රෝගය හේතුවෙන් මේ වන විට මේ වසර තුළ පමණක් 29 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ වසර තුළ මේ වනවිට ඩෙංගු රොගය වැළදුනු සංඛ්‍යාව 13,005ක් බව සෞඛය අමාත්‍යංශය කියයි. මේ අතරින් බහුතරය හෙවත් 41.86% ක් වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවද සෞඛ්‍ය සංගණන වාර්තා පෙන්වා දෙයි. මෙම උවදුරෙහි සැබෑ තත්වය සහ රාජපක්ෂ රජය ඩෙංගු මර්දනයේදී අසාර්ථක බව පැහැදිලි වන නිසා සෞඛ්‍ය වාර්තාවල ඩෙංගු මරණ සංඛ්‍යාව නොදක්වයි. නමුත් වාර්තාවන තොරතුරු වලට අනුව මේ වසර තුළ පමණක් ජීවතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 29 දෙනෙකි.මේ වන විට ලැබෙන නවතම වාර්තා සදහන් කර ඇත්තේ කොළඹ නගරයේ ඩෙංගු රෝගය පැතිර යාමේ අවධානම නිසා සියලුම පාසල් පිරිසිදු කරන තෙක් වසා දැමීමට කොළඹ මහ නගර සභාව, අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවයි.කොළඹ නගරයේ මෙතෙක් හමුවී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 52ක්ම පාසැල් ළමුන් බැවින් ඔවුන්ගෙන් වැඩි පිරිසකට රෝගය වැලදී ඇත්තේ තම පාසැල් පරිසරයෙන් බව කරන ලද පරීක්‍ෂණවලින් හෙළිවූ බැවින් මෙම තීරණය ගත් බව නොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා සඳහන් කර තිබේ.independent

ශ්‍රීලංකාවේ තත්වය මෙසේ තිබියදී මේ වන විට ශ්‍රිලංකාවේ වෛද්‍ය විශේෂඥයින් පිරිසක් ඩෙංගු මර්දනය පිලිබදව පාකිස්ථානයේ වෛද්‍යවරු 400 දෙනකුට එරටදී පුහුණු වැඩමුළුවක් පවත්වමින් සිටින බව වාර්තාවෙයි.

මේ අතර ඩෙංගු උවදුරු පාලනය කිරිමට මෙරට රජය විසින් ගත් ක්‍රියා මාර්ග මේ වන විට අසාර්ථක මට්ටමක පවතී .බී ටී අයි බැක්ටීරියාව ගුවනින් ඉසින බවට රජය පැවසුවද මෙතෙක් එය ක්‍රියාවට නංවා නොමැත. මේ
සදහා කියුබාවෙන් බී.ටී.අයි බැක්ටීරියාව ගෙනෙන බවද රජය සදහන් කළේය. මේ අතර ඩෙංගු පරිශ්‍ර පවත්වාගෙන ගිය අයට නඩු පැවරීමේ ක්‍රියාවලියක් ද රජය විසින් ගෙනගිය අතර ඒ පිලිබදවද මේ වන විටි තොරතුරු
වාර්තා නොවේ. වරින් වර සිදුකළ ඩෙංගු පරීක්ෂා කිරීම්ද මේ වන විට විධිමත් මට්ටමින් සිදු නොවන බව Theindepedent.lk වෙත වාර්තා වෙයි.

http://www.meepura.com/%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85/read-sri-lanka-%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A-%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A-news-%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%9A