ප්‍රසංගය නතර කළැයි ප්‍රහාරයක් ! ලක්ෂ 14 ක අලාභයක් ?

0
255
864288

කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කරමින් එළිමහන් සංගිත සංදර්ශන පැවැත්විමට අවසර ලබා දි තිබුනේ මිට සති කිහිපකට පෙරය. ඒ එයට අදාල කොන්දේසි කිපයක්ද සමගින්ය.
ඒ් අනුව සංගිත සංදර්ශනයක් නිමාකළ යුතු වේලාවන්ද සදහන් කර තිබුණි.

තතු ඒසේව තිබියදි නිවිතිගලදි පිස්සන් මෙන් හැසිරුනු පිරිසක් නිවිතිගල පොදු ක්‍රිඩාංගනයේ ඊයේ (09) රාත්‍රී පැවති සංගිත සංදර්ශනයක් අවසානයේ දි සංගිත කණඩායමේ වාදන හා ව්ද්‍යුත් භාණ්ඩ වලට අලාභ හානි කර ඇත

රාත්‍රි 11.30 ට පමණ සංගීත ප්‍රසංගය නිමා කිරිම ගැන කෝපයට පත් පිරිසක් වේදිකාවට පහරදි ඇතැයි පොලිසිය පවසයි. රුපියල් ලක්ෂ 14ක පමණ අලාභයක් සිදු කර ඇතැයි ප්‍රසංගයේ සංවිධායක පොලිසියට පැමිණිලි කර තිබේ.

ප්‍රවේශ පත්‍ර අලෙවිකර පැවති මෙම සංගිත ප්‍රසංගය නැරඹීමට ව්ශාල පිරිසක් පැමිණි බවත් පිරිසක් සිදු කළ පහරදිමෙන් පසු ක්‍රිඩා පිටිය වට කර තිබූ ටකරන් සහ යකඩ බට ද රසිකයන් ව්සින් ගලවාගෙන ගොස් ඇති බවද මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

https://youtu.be/7sJiyPS4ux4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here