ප්‍රසන්න ලංසා අර්බුදය දරුණු අතට ..! මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා යැයි ප්‍රසන්න කියයි !

0
281

prasanna 1ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ‘පොහොට්ටු’ පක්ෂය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත්ව ඇතත් එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනට හෝ ඔහුට සමීප කිසිවකුට මනාපය ලබා නොදෙන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග ඉල්ලා සිටි බව theleader.lk වෙබ් අඩවිය අද වාර්ථා කොට තිබුණි.
රාජපක්ෂ පවුලට වඩාත් සමීප පුද්ගලයකු ලෙස සැලකෙන ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා එම ඉල්ලීම සිදුකළේ මිනුවන්ගොඩ විගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මෙසේ ද කියා තිබේ.
“මම හොද ශ්‍රී ලංකා කාරයෙක්. හැබැයි මෛත්‍රීපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලියාගේ නැට්ටේ එල්ලුවාට පස්සේ අපි ඒ පක්ෂයෙන් ඉවත් වෙලා නියම ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සහිත නව දේශපාලන පක්ෂයක් ගොඩ නැගුවා. අපේ නායකයා මහින්ද මහත්තයා. .
මේ පක්ෂය හදනකොට මෛත්‍රී අපිව පාරක් පාරක් ගාණේ ඇවිද්දනවා බවට තර්ජනය කළා. අපිව පක්ෂ සංවිධායක ධූර වලින් ඉවත් කළා. අපෙන් පළිගන්න බොරු නඩු පැටලෙව්වා. අදටත් අපි ඒ නඩු වලට යනවා. එහෙම කරලා බැලුවේ අපිව නවත්තන්න. හැබැයි ජනතාව හිටියේ අපිත් එක්ක.

රටටත්, පක්ෂයටත් කරපු විනාශයට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වග කිව යුතුයි. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනවන්න ශ්‍රීලනිපය එකතු වුණු බව ඇත්ත. ඒත් මේ මහ මැතිවරණයට මෛත්‍රීපාල සිරිසේනව එකතු කර ගැනීම මා පෞද්ගලිකව විරුද්ධයි. ඔහුට අපේක්ෂකත්වය දුන්නු එක වැරදියි.
lansa12
මෛත්‍රී හැමදාම කළේ පාවා දීම්. කොයිවෙලේ ඔහු අපිව පාවා දෙයි ද මට නම් සැකයි. ගියපාර ජනාධිපතිවරණයේ දී මෛත්‍රී වචනයක් කථා කළේ නෑ. යටින් උදව් කළේ සජිත්ට.  ඒ නිසා අපිට සැකයක් තියෙනවා ඔහුගේ කණ්ඩායමක් දිනවගෙන අපිට කිසියම් බලපෑමක් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසයි මම කිව්වේ මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියලා.”
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කය තුල මනාප සටන උත්සන්න වෙමින් තිබියදි ප්‍රසන්න විසින් කරන්නට යෙදුන මේ ප්‍රබල දේශපාලන අනතුරු ඇගවිම කෙලින්ම එල්ලව තිබෙන්නේ නිමල් ලංසා හා සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ වෙතය.
ඉනුත් වැඩියෙන්ම එහි බලපෑමට මේ අවස්ථාවේ හසුව ඇත්තේ නිමල් ලංසාය.මේ පසුබිම දැනටමත් ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටු අපෙක්ෂකයන් අතර විවිධ අමනාපකම් ගොඩනගාගෙන සිටින නිමල් ලංසාට සිය කණ්ඩායම් නායකයා වන ප්‍රසන්නගෙන් එල්ල වෙමින් ඇති දැඩි පිඩනය ඉතා බරපතල එකක් වනු නිසැකය
මුලාශ්‍රය – theleader.lk