ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විම තියන්න නගර ශාලාව දෙන්න බෑ කියපු කොමසාරිස්ට අද කටඋත්තර නැතිවෙයි !

0
170

commissioner 1මීගමුව නාගරික කොමසාරිස්වරයා හැමදේකින්ම මුදල් හම්බකරන්නයි බලන්නේ.ඒ හින්දනේ රු 20ට තිබුන නගරයේ රථවාහන ගාල්කරන ගාස්තුව එකපාරටම රු 50 ක් කෙරුවේ.
ඒ විතරක්ද රාජපක්ෂ පාක් එකේ ඇවිදින මංතිරුවට වසරකට අයකරන ගාස්තුව රු 1250 ඉදන් දැන් රු 2150 කරල.
මෙහෙම සල්ලිම හොයන්න බලන කොමසාරිස් මාසෙකට සැරයක් තියෙන මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විම තියන්න නගර ශාලාව දෙන්න බැ කියල සල්ලි දෙන්නේ නැත්නම්
ඒ හින්ද පහුගිය කාලේ ඒ රැස්විම අමාරුවෙන් යන්තම් තිබ්බේ මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ .ඇත්තටම එතන රැස්විමක් තියන්න බෑ .පොඩි තැනක්.
අද රැස්විම පටන් ගන්නත් කලින් නාගරික කොමසාරිස්ගේ මේ ගොන්පාට් වැඩේට නියම චැලේන්ජ් එකක් දුන්න මීගමුව රෝහල නියෝජනය කරමින් ඇවිත් හිටපු දොස්තර විජේලත් මහත්තයා.එයා කිව්වා ඇයි කොමසාරිස්තුමාට නගර ශාලාව දෙන්න බැ කියන්නේ කියල.
මේ රැස්විම තියන්න නගර ශාලාව දෙන්නේ නැතිනම් වෙන තැනකුත් නැතිනම් අපි මීගමුව රෝහලෙන් හරි තැනක් දෙන්නම් කියලත් විජේලත් මහත්තයා කිව්වා.
කොමසාරිස්ට කටඋත්තර නැ දැන්. මිනිහ මික් කිව්වේ නැ…..ඒ .තරමට අද පච වුණා….
අන්තිමට කොමසාරිස්ට කටඋත්තර නැති හින්ද ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සමසභාපති රොයිස් විජිත මහත්තයාට සිද්ධ වුණා කියන්න නැ අපි නගර ශාලාවේ ඊළග රැස්විම තියමු කියල කියන්න..