ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ තින්දුව ක්‍රියාත්මක කරමු ! one way රථවාහන සැලැස්ම නැවැත ස්ථාපිත කරමු !

0
70
dav

dav(11.20 am ) මීගමුව නගරය තුල අති සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබුණ රථවාහන සැලැස්ම නවතා දැමිමත් සමගින් නගරය තුල දැඩි වාහන තදබදයක් ඇතිව තිබෙන බවට ජනයා කියා සිටිති.
මේ ඇතැමෙකු නගරාධිපතිවරයාගේ මුහුණු පොතටම සටහන් තබමින් කියන්නට තරම් බරපතල ප්‍රශ්ණයක් ලෙසින් මතුවෙමින් තිබේ.
මෙය ඉදිරියේදි තවදුරටත් බරපතල වනු ඇත.
නෝනාලාගේ  කැමැත්ත අකැමත්ත මත නගරයේ රථවාහන සැලැසුම් ක්‍රියාත්මක කළ නොහැකි බව අදාල අයලුවන්ට තේරුම් යන්නේ එවිටය.
දින දින වැඩිවන ජනතා විරෝධය මැද අදාල ඉහල බලධාරින්ගේ මැදිහත්විම මත යළිත් විධිමත් oneway සැලැස්මක් ක්‍රියාත්මක විමට නියමිතය.
විශේෂයෙන්ම මේ නත්තල් උත්සව සමයේ මේ තත්වය තවත් බරපතල වි ඇත.
මේ අතර මිගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ පසුගිය දා තිරණය කර තිබුනේ oneway සැලැස්ම යළි ක්‍රියාත්මක කළ යුතු බවය. එම හමුවට පැමිණ සිටි මිගමුව මුලස්ථාන පරික්ෂක වුඩ්ලර් මහතාද මේ අදහසට සිය එකගතාවය පළකර තිබුණි.