ප්‍රාදේශීය මාධ්‍යකරණයේ ”අල්ලස් මාධ්‍ය මාෆියාව” ජෝන් -බෙනට් ගැටුමෙන් එලියට !

0
70

[starlist][/starlist]

Screenshot from 2017-06-14 07:50:25පසුගිය දිනක ජෝන් අමරතුංග ඇමතිවරයාගේ නිවසේදි මාධ්‍යවේදියෙකුට පරුෂ වචනයෙන් බැනවැදි පහරදිමට යාම පිළිබදව පුළුල් සංවාදයක් මේ වන විට රටතුල කථා බහට ලක්ව තිබේ.
මෙම සිදුවිමට මුහුණ දුන් දිස්ත්‍රික් මාධ්‍යවේදියෙකු වන බෙනට් පර්ඩිනැන්ඩස් දැනටමත් මේ ගැන මතු ආරක්ෂාව පතා පැලියගොඩ පොලිසියට පැමිණිල්ලක්ද ගොනු කර තිබේ.මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත.
මෙම සිදුවිමේදි යහපාලනයේ ජේෂ්ඨ ඇමතිවරයෙකු ලෙසින් ජෝන් අමරතුංග විසින් කරන්නට යෙදුන මේ ක්‍රියාව මේ රටේ සමස්ථ මාධ්‍ය ප්‍රජාව විසින්  කොන්දේසි විරහිතව හෙළා දැකිනු ඇති බව නිසැකය.ජොන් අමරතුංග ඇමතිවරයාගේ මේ නොහික්මුණු හැසිරිම සහ සදාචාර විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම නිරන්තරයෙන් ජනමාධ්‍ය වල විවේචනයට ලක්ව තිබුණි.
ලංකාවේ ප්‍රගතිශිලි කිතුණු ප්‍රජාවේ නායකයෙකු වන ගරු සරත් ඉද්දමල්ගොඩට පියතුමාට එරෙහිවද සිය සහචරයන් මගින් කැලෑ පත්තර බෙදා තිබුණි.
කෙසේ වෙතත් බෙනට්- ජොන් සිදුවිම අරභයා මාධ්‍යවේදියාගේ මාධ්‍ය භාවිතාව පිළිබදව ගැටළු සහගත බව නිසාම ගම්පහ දිස්ත්‍රික්කයේ කිසිදු මාධ්‍ය සංවිධානයක් විසින් මෙම සිදුවිමට එරෙහිව කිසිදු විරෝධතාවක් සංවිධානය නොකිරිමට තින්දු කර ඇති බවද සැලය.
කෙසේ වෙතත් එක්තරා මාධ්‍ය සංවිධානයක් සහ එකාබද්ධ විපක්ෂයේ ප්‍රසන්න රණතුංග ප්‍රමුඛ පිරිසක් හෙට දිනයේ විරෝධතාවයක් සංවිධානය කිරිම වෙනුවෙන් මහන්සි ගනිමින් සිටින බවද වාර්ථා වේ.
රාජපක්ෂවාදි විවිධ කණ්ඩායම් විසින් මෙය ඉහලට ඔසවා තබමින් යහපාලන ආණ්ඩුවේ මාධ්‍ය නිදහසට එරෙහිව අවි අමෝරාගෙන විදි බසින්නට සුදානම් වන මොහොතක රටතුල සංවාදයට ගතයුතුම තවත් කරුණක් මේ බෙනට්- ජෝන් ගැටුමෙන් දැන් එලියට පැන තිබේ.
එනම් ප්‍රාදේශිය මාධ්‍යකරණය අද පවත්ව ඇති තත්වය පිළිබද සංවාදයයි
පුවත් ලිවිමට මෙන්ම නොලියා සිටිමටද ඇතැම් ප්‍රාදේශිය මාධ්‍යවේදින් විසින් මුදල් ගන්නා බවට පවතින බරපතල චෝදනාව ඇමති ජෝන්ගේ සිදුවිමට මුහුණ දුන් බෙනට් හට එල්ලවි ඇති බව ලංකා ඊ නිව්ස් ප්‍රමුඛ වෙබ් අඩවි කිපයක් විසින් දැනටමත් ප්‍රසිද්ධියට පත්කර ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ අතිබහුතරයක් මාධ්‍යවේදින්ට මෙය අනුමත කරන බවද දැනගන්නට තිබේ.
එපමණක් නොව ජොන් ඇමතිවරයා මාධ්‍යවේදි  බෙනට් හට නොසරුප් වචනයෙන් බැන වදිමින් තර්ජනය කරද්දි බෙනට් විසින් තවත් සහෝදර මාධ්‍යවේදින් දෙදෙනෙකුට ඉතා තිත්ත කුණු හරුපයෙන් බැනවදිමින් තර්ජනය කරන අයුරු දැක්වෙන විඩියෝවක්ද දැන් සාමාජ මාධ්‍ය ජාලය වෙත මුදා හැර තිබේ.
කෝටිපති ව්‍යාපාරිකයෙකු විසින් දඩුගම ප්‍රදේශයේ ඉඩමක් ගොඩකරමින් කරන්නට ගිය පරිසර විනාශය ගැන වු ප්‍රවෘත්තිය පළනොකර සිටිම සදහා මුදල් ගෙන ඇතැයි බරපතල චෝදනාවක් ගම්පහ මාධ්‍යවේදින් දෙදෙනෙකු වෙත එල්ල කරමින් පරිසර සංවිධානයක ක්‍රියාකාරිකයෙකු ප්‍රසි්ද්ධි කථාවක් කරන විඩියෝවක්ද දැන් සාමාජ ජාලාවන් හි   සැරිසරන්නට පටන්ගෙනය.
කෙසේ වෙතත් ප්‍රාදේශිය මාධ්‍යකරණය තුල රටපුරාම මතුවෙමින් ඇති අල්ලස් කථා ගැන මාධ්‍යකරුවන් අතර පුළුල් සංවාදයක් ගොඩනගා ගත යුතුව තිබේ.
එහෙත් දැන් මතුව ඇති තත්වය වන්නේ මේ රටේ බහුතරයක් මාධ්‍යවේදින් දැන් පොඩි ගණන්වලටත් විකිණෙන බව දැන් ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇති නිසාය.
අද බෙනට්ට ඔසවන අත හෙට දිනයේ තවත් දේශපාලකයෙකු හෝ ඔවුන්ගේ හෙංචයියෙකු විසින් සිදුකරනු ඇත.එයට එරෙහිව මාධ්‍ය නිවේදන මෙන්ම විරෝධතාද සංවිධානය වනු ඇත.
එහෙත් මාධ්‍යවේදියාට එරෙහිව රටපුරා මතුවෙමින් ඇති ආචාර ධර්ම පිළිබද ගැටලුව ඔවුන් මගහැර යන්නේ නම් සිදුවනු ඇත්තේ කුමක්ද ????
විඩියෝ උපුටා ගැනිම- ලංකා ඊ නිව්ස්