ප්‍රැන්සිස් ජෝශප් පියතුමා කොහේදැයි විමසන්න පුජකතුමන්ලා උසාවි යති..

0
63

2009 යුද සමයේ එල්.ටි.ටි.ඊ. ග්‍රහණයෙන් මිදී සාමාන්‍ය වැසියන් ද සමග ආරක්ෂක අංශ වලට බාරවූ ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමා සොයාදෙන ලෙස වවුනියාව කතෝලික සභාවේ පියතුමන්ලා, වව්නියාව මහාධිකරණයේ ගොනු කළ නඩුව මහාධිකරණ විනිසුරු චන්ද්‍රාමනී විශ්වලිංගම් මහත්මිය විසින් ලබන 23 වැනි දා ට කල් තැබිණි.අවසන් යුද සමයේදී මුලතිව් මුල්ලිවයික්කාල් සිට පැමිණි සාමාන්‍ය වැසියන් සමඟ කතෝලික සභාවේ පියතුමකු වූ ප්‍රැන්සිස් ජෝසප් පියතුමන්ද පැමිණ ආරක්ෂක අංශ වෙතට භාර වූ බැව් ආරක්ෂක අංශ වෙත භාර වූ අවතැන් වැසියන් බොහෝ පිරිසක් දැක ඇති බවත් ඉන් අනතුරුව ප්‍රැන්සිස් ජෝසප් පියතුමා පිළිබඳ මෙතෙක් තොරතුරක් නැතැයි උසාවියේ දී කියැවිණි
හෙයින් එතුමන් පිළිබඳ තොරතුරු රජය විසින් ඉදිරිපත් කළයුතු බවට බලකරමින් මෙම නඩුව ගොනුකර ඇත.  මේ නඩුව බැලීම සඳහා වව්නියාවේ කතෝලික පූජකවරු හා කණ්‍යා සොහොයුරියෝ 25 දෙනෙක් පමණ ඊයේ උසාවියට පැමිණ සිටියහ.frensis_J_410px_24-10-13
www.srilankamirror.lk ඇසුරිනි