ඔවුන් බලාපොරොත්තු වන්ෙන් ඔක්තොබර් මස 1 -3 දින දක්වා පාප්තුමාට උපදෙස් ගැනීම සඳහා කාදිනල්වරු 8 දෙනෙකුගෙන් සමන්විතව පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී මෙම ඉල්ලීම පිලිබදව අවධානය යොමුවනු ඇති බවයි.
ඔවුන් තවදුරටත් පවසන්නේ පාප්තුමාගේ ඔක්තොබර් සාකච්ඡාවේදී මේ පිලිබඳව මූලික අවධානය යොමුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්වන කරුණු පිලිබඳව පැහැදිලි අවබෝධයක් ත් කිසිවෙකු තුල නොමැති වූවත් පාප්තුමා පවසා ඇත්තේ තමන්ට අවශ්‍ය වන්නේ සැබෑ සහ ක්‍රියාකාරී වෙනසකට අඩිතාලම දැමීමට බවයි.