
පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ගණේමුල්ල, කැන්දලියද්ද පාලුවේ පදිංචිව සිටි ප්‍රියන්ත කුමාර මහතාගේ මරණ ගැන විධිමත් පරික්ෂණයක් කරන ලෙස හා ප්‍රියන්ත කුමාර වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා විදේශ ශ්‍රමික ජාලය හා ජන බල පවුර එක්ව ඊයේ (06 ) පාක්ස්තානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
එහිදී රැස්ව සිටි පිරිස ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා පාකිස්තානු මහකොමසාරිස් කර්යාලයට සන්දේශයක් භාර දුන් අතර එයට භික්ෂූන් වහන්සේලා ,කතෝලික පියතුමන්ලා හා හින්දු ,මුස්ලිම් පුජකතුමන්ලා ද එක්ව සිටියහ.
ප්‍රියන්තට යුක්තිය ඉටුකරමින් ඇමරිකානු ඩොලර් මිලියනයක් ලබාදෙන ඉල්ලු බැනර්ද අතැතිව මේ පිරිස උද්ඝොෂණයේ නියැලි තිබුණි.



ඡායා- ලංකාදිප